Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"බලධාරීන් නිහඬයි" ලෝක ශූරතාවය දිනා ලූෂන් ලංකාවට එද්දී පිළිගන්න අපූරු අමුත්තෙක් ගිහින්!

4130Views

WBPF කායවර්ධන ෆෙඩරේෂනය විසින් සංවිධානය කළ දසවැනි WBPF කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සමත් වුනා. පසුගිය 16 වන දින තායිලන්තයේදි මෙම තරගාවලිය පැවැත්වුනා.

මෙහි ශූරතාවය දිනූ ලූෂන් ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදි බොහෝ බලධාරීන්ට ලූෂන් පුෂ්පරාජ් අමතකව තිබුනත් ඔහු පිළිගැනීමට අපූරු අමුත්තෙක් ගුවන් තොටුපළට ගොස් තිබුනා.

ඒ ලූෂන් මෙන්ම ක්‍රීඩාවෙන් මවුබිමට අභිමානයක් ගෙන ආ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවයි. එහිදි ලූෂන් පිළිගැනීමට ගිය ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුනා.

"ලූශන් පුශ්පරාජ් ලෝක ශුරතාවය දිනා ඊයේ ලන්කාවට පැමිණියා. ලෝක ශුරතාවය දිනනවා කියන්නේ එසේ මෙසේ පහසු දෙයක් නොවේ.අපේ රටේ නම ලොවේ බබළවන මෙවන් ක්‍රීඩකයින් හදවතින්ම රට වෙනුවෙන් කැප කරන්නේ මුදල් වලටවත් සම්මාන වලටවත් නොවේ ශ්‍රී ලන්කාවට තියෙන ඉමහත් ගෞරවය සහ ආදරයට. ජය වේවා ලූශන් මල්ලී මුලු රටේම නිහතමානී ශ්‍රී ලාංකිකයන් ඔබ සමගයි."