Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනප්‍රිය නිළියක් වෙන්න ඕනනම් වීඩියෝ එකක් එවන්න - නංගිලා අන්දපු අධ්‍යක්ෂ අයියා ජනප්‍රිය නිළියකට කතා කරන්න ගිහින් වැඩ වැරදුනු හැටි..!

7044Views

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ  ඩොනල්ට් ජයන්ත සහ උදයකාන්ත වර්ණසූරිය ලෙස පෙනී සිටිමින් තරුණියන් රංගන  ක්ෂේස්ත්‍රයට එකතු කරගන්නා බව පවසා එම තරුණියන්ගේ වීඩියෝ දර්ශන ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය කර ගන්නට නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සමත් වුනා.

ඩොනල්ට් ජයන්ත, උදයකාන්ත වර්ණසූරිය ඇතුළු ප්‍රවීණ චිත්‍රපට කිහිප දෙනෙකුගේම නම් භාවිතා කරමින් මෙම පුද්ගලයා බොහෝ තරුණියන් මුලාකර ඇති අතර ඉන් නොනැවතුනු ඔහු දමිතා අබේරත්න,පියුමි හංසිමාලි ඇතුළු ජනප්‍රිය රංගන ශීල්පීන්ට පවා දුරකතන ඇමතුම් ලබා ගනිමින් ඔවුන්ව මුලාකර තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ නමුත් එම පුද්ගලයාගේ කතා ශෛලිය අනුව එය ව්‍යාජ ඇමතුමක් බව  දමිතා අබේරත්න සහ පියුමි හංසමාලි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ටද ඔවුන් ඒ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාල පුද්ගලයා තරුණියන්ට ලබාගත් දුරකතන සංවාද සහිත සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න.