Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මකා දැමූ හඬ පට සොයන්න හොංකොං රැගෙන ගිය ජංගම දුරකතනයේ තිබූ හඬ පට රැසක් සොයා ගනි...!

5353Views

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ මකා දමා තිබූ හඬපට නැවත ලබා ගැනීම සඳහා පසුගියදා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍ය වෙත රැගෙන ගියා. ඒ අනුව ඔහුගේ දුරකතනයේ තිබී මකා දමන ලද හඬපට ගණනාවක් නැවත සොයා ගැනීමට හැකි වී තිබෙන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පවත්වන  පරීක්ෂණවලට අදාළව නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ තිබී මකා දමන ලද හඬපට මෙලෙස නැවත ලබා ගත් අතර එම දත්ත හා විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබෙනවා.