Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘පුතේ මම ඔයාට සිතාරයක් ගත්තා‘‘ පුංචි ප‍්‍රබෝධිගේ ඉල්ලීමට ජනපතිගෙන් ලැබුනු දුරකතන ඇමතුම..! (VIDEO)

2534Views

සෞන්දර්ය ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීමක් ඉටුකර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා.

උසස් පෙළ විභාගය හදාරා සෞන්දර්ය විද්‍යාපීඨයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියටම යාමට බලාපොරොත්තුවෙන් සිටින ප‍්‍රබෝධි ළහිරුණි නැමති එම සිසුවියට ඒ වෙනුවෙන් සංගීත විෂය තෝරා ගෙන ඇති නමුත් ආර්ථික අපහසුතා රැසක් මැද දිවි ගෙවන අැයගේ දෙමාපියන්ට ඇයට අවශ්‍ය ප්‍රධාන වාදන භාණ්ඩය වන සිතාරයක් රැගෙන දීමට තරම් වත්කමක් තිබී නැහැ.

මේ හේතුවෙන් අසරණ තත්ත්වයකට පත්ව සිටි ඇය පසුගිය දෙසැම්බර් 08 වනදා ජනාධිපතිතුමා පොළොන්නරුව, ගණන්ගොල්ල ප‍්‍රදේශයේ තවත් එවැනිම සිසුවෙකුගේ නව නිවසක සිහිනය ඉටුකර දීමට පැමිණි අවස්ථාවේ කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම කඩිනමින් ඉටුකර දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් තමන්ට කළ උපකාරය පිළිබඳව ප‍්‍රබෝධි ළහිරුණි සිසුවිය තම කෘතඥතාවය පළකළේ මෙලෙසින්.