Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා ක්‍රිකට් සිංහයන් පැපුවා නිවුගිනියාවත් අභිබවා යයි- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අසමසම වාර්තාවක්!

30073Views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නවතම වාර්තාවක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයේ පවා අවදානය ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වෙනි එක්දින තරගයද පරාජය වී ශ්‍රී ලංකාව මෙම වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.

මේ අනුව 2017 ජනවාරි පලමුවෙනිදා සිට 2019 වසර දක්වා ගතවූ වසර දෙකේ අන්තර්ජාතික කණ්ඩායමක් ලැබු විශාලතම පරාජයන්ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ අනුව එම කාල සීමාවේ ලොව අඩුම ජයග්‍රහණ ප්‍රතිශතයක් සහිත කණ්ඩායම බවට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

පැපුවා නිවුගිනියා කණ්ඩායමේ තරග පරාජයන් වාර්තාවද අභිබවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අඩුම ජයග්‍රහන ප්‍රතිශතය වාර්තා කිරීමටද සමත්ව තිබේ.