Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘සියල්ල නැති වුනා, දරුවො තුන් දෙනා ඉස්කෝලෙකට දාගන්න තිබුනොතින් ඇති‘‘ බිහිසුනු මෙහෙයුමකින් දරුවන් බේරාගත් වීර පියාගේ සංවේදී කතාව..! (VIDEO)

6577Views

මහනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගිනනට මැදිවී සිටි සිය දරුවන් තිදෙනා සහ බිරිඳ බේරා ගත් පියෙකු පිළිබඳ පුවත අප මීට පෙර වාර්තා කළා. ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණීමට නොහැකි වනසේ එම ගින්න පැතිර යාමත් සමඟ එම පියා විසින් තම දරු තිදෙනා ගොඩනැගිල්ලේ තුන්වන මහලේ සිට බිමට දැමුවේ ගින්නට අසුවී මිය යනවාට වඩා දරුවන්ගේ ජීවිත කෙසේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණින්.

මේ වනවිට පියා,බිරිඳ සහ දරු තිදෙනා මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එහිදී ඔහු කියා සිටියේ තමන් වීරයෙකු නොවන බවත්, වීරයන් ලෙස ගෞරවයට පාත්‍රකළ යුත්තේ තම දරුවන් ඉහල මහලේ සිට බිමට දමන අවස්ථාවේදී පහළ සිට තම දරුවන්ට කිසිඳු අනතුරක් නොවන සේ අල්ලාගත් පිරිස බවයි. එසේම ඔවුන් මිහිපිට සිටින දෙවිවරු බවද ඔහු ප්‍රකාශ කළා.

තමන් ජීවත්ව සිටි ස්ථානය ගිණි ගැනීමත් සමඟ තම දරු පවුලට ජීවත් වීමට  ස්ථානයත් නොමැති බවත්, මේ වන විට තමන් ඉතා අසරන භාවයට පත්ව ඇති බවත් ප්‍රකාශ කරන ඔහු ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත් වීමට ස්ථානයක් සහ දරුවන් තිදෙනා කෙසේ හෝ පාසලකට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා දෙන ලෙසත්ය.

බණ්ඩාරවෙළ ප්‍රදේශයේ පදිංචි රාමන් රාජ් නමැති මෙම පියා තමන් මුහුණ දී සිටින තත්වය අප සමඟ මෙලෙස ප්‍රකාශ කළා.