Monday, March 25, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දරුවා මිය ගියත් විදුහල්පති පාසලට ඇවිත් නෑ - දෙමාපියන්ගෙන් සල්ලි එකතු කර විදුහල්පති හැදූ අනාරක්ෂිත ඉදිකිරීමෙන් සිසුවෙකුට ජීවිතය අහිමි වෙයි (VIDEO)

4527Views

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ‍ක්‍රිඩා මන්ඩපයේ   කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පක්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල්.කේ .පසිඳු ක්‍රිෂාන්  කරුණාතිලක නැමැති මෙවර අ.පො.ස සා/පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිත සිසුවෙකු බවයි වාර්තා වන්නේ.

පාසල් කාලයෙන් පසු   අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පාසලේ දරු දැරියන් පාසල් ක්‍රීඩාංගනයේදී පුහුණු වෙමින් සිටියදී   ක්‍රීඩාංගණය ආසන්නයේ ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ ගිමන් හරිමින් සිට තිබෙනවා . එම අවස්ථාවේ  සිසුන් පිරිසක් එක්ව එම ක්‍රීඩාංගනය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේත්තු වීමත් සමග එය මෙම සිසුවා ගේ හිස මතට කඩා වැටී ඇති බවයි ගල්කිරියාගම පොලිසිය පවසන්නේ.

බරපතළ තත්ත්වයේ තුවාල ලැබූ පාසල් සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර මෙම සිදුවීමත් සමඟ පාසලේ සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීහු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ දී නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරෙන්නටද විය.

මෙවර 1 ශ්‍රේණියට  ළමුන් ඇතුලත් කිරීමේදී එම දරුවන්ගේ දෙමාපියන්ගෙන් අයකර ගත් මුදල් වලින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත්, පුද්ගලික ආයතන වලින් ගෙන්වා  තිබූ කොන්ක්‍රීට් කණු ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ඉදිකිරීම නිසා මෙම අවසනාවන්ත මරණය සිදුවූ බවත් දෙමාපියන් පවසනවා.

මේ අතර පාසැලේ දරුවෙකු මේ ආකාරයෙන් මිය ගොස් තිබුනද පස්වරුව වෙන තෙක්ම විදුහල්පතිවරයා පාසැලට හෝ රෝහලට නොපැමිණි බවද දෙමාපියන් චෝදනා කර තිබුණා. එමෙන්ම එම ස්ථානයට රැස් වූ දෙමව්පියෝ ක්‍රීඩා මන්ඩපය සවිකර තිබූ අනිත් කණු කීපයක් පෙරළා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ මෙම කොන්ක්‍රීට් කණු මහපොළොවට හෝ එහි අඩිතාලමට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ඉතා අනාරක්ෂිත ලෙස ඉදිකර තිබුණු ආකාරයයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

YOU MAY ALSO LIKE