Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ලම්බෝගිනි ඉල්ලු අලුත් පරපුරත් ඇවිල්ලා" කළු ඇදුමින් සැරසී මාධ්‍ය ආයතනයන්ට සිදු කළ තර්ජනයේ සම්පූර්ණ විස්තරයම හෙළිවේ!

5955Views

ශ්‍රී ලංකාවේ තෝරාගත් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට කළු ඇද ගත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් (NGO) පිරිසක් පැමිණ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට බලපෑම් කරමින් විරෝධතාවයක නිරත වීම දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

මෙලෙස මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීමට පැමිණි බොහෝ දෙනා පසුගිය මැතිවරණ සමයේ දේශපාලන පක්ෂ වේදිකාවන්වල සහ විරෝධතා ව්‍යාපාරවල දැක ගත හැකි වූ දේශපාලන ක්‍රියාකරුවන් වීම විශේෂත්වයකි. අලුත් පරපුර, මාරුතයේ හඬ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ආදී රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මෙම වැඩසටහන මෙහෙයවීය.

මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් තර්ජනය කළ මෙම පිරිස අතර දේශපාලන පක්ෂ විසින් පවත්වාගෙන යන මුද්‍රිත මාධ්‍ය ආයතන වල සේවය කරනා පිරිසක්ද විය. තවද රණවිරුවන්ට අපහාස කරමින් චිත්‍රපට සාදා සම්මාන දිනු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, බුද්ධි අංශ සහ රණවිරුවන්ට මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් නිර්මාණ කරනවා යැයි චෝදනා එල්ලව තිබෙනා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිසක්ද මෙම මාධ්‍ය ආයතනයන්ට තර්ජනය කිරීමේ වැඩසටහනට පැමිණ තිබුනි.

පසුගිය දිනවල සිංහල බෞද්ධ දර්ශනයට සහ සිංහල බෞද්ධ විශ්වාස සහ වත් පිළිවෙත් විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරමින් හා පොත්, ලිපි ලියමින් චෝදනාවට ලක්වූ NGO සාමාජිකයන් පිරිසක්ද මෙම විරෝධතාවයේ දැක ගත හැකි වීම විශේෂත්වයකි. ඒ අතර රාජ්‍ය නොවන සංවිධාන වලට සම්බන්ධ නළු නිළියන්ද විය. 2015 මැතිවරණ වේදිකාවේ එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට සම්බන්ධ වෙමින් ආන්දෝලනාත්මක 'ලම්බෝගිනි මාධ්‍ය හමුවට' සහභාගී වූ නිළි සමනලී ෆොන්සේකාද ඒ අතර විය.

මෙලෙසින් උද්ඝෝෂණයේ යෙදෙමින් තර්ජනය කළ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් වූයේ පසුගිය යහපාලන රජයේ ස්වාධීන රූපවාහිනි සේවයේ (ITN) ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ විමල් කැටිපෙආරච්චිය. 

මේ අතර දැඩිලෙස ආන්දෝලනයට තුඩු දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයේ සාමාජිකයන්ද කළු ඇදුමින් සැරසී මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීමයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙන් කළ විමසීමකදී එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ කිසිදු ලෙසකින් මාධ්‍ය ආයතනයන්ට තර්ජනය කිරීම සිය පක්ෂය අනුමත නොකරන බවත්, එම NGO විරෝධතා උද්ඝෝෂණයට සිය පක්ෂයේ කිසිදු දායකත්වයක් හෝ සම්බන්ධයක් නොමැති බවයි.

මාධ්‍ය ආයතනයන් ඉදිරියට කඩා වැදී මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය නිදහස දැඩි අනතුරක දැමු මෙම NGO කල්ලිය පක්ෂ, විපක්ෂ දේශපාලඥයන්ගේ මෙන්ම සමාජජාලා ක්‍රියාකාරිකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබුණි.

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම තර්ජනය දැඩි ලෙස හෙළා දුටු අතර මාධ්‍ය උදෙසා පැමිණෙන මෙම මර්ධනය රජයෙන් දියත් වෙන්නක් සිදු වන බවද විපක්ෂ නායකවරයා පවසා සිටියේය. "කළු මාධ්‍ය" යන වචනය ප්‍රථමයෙන්ම භාවිතා කළේ එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ මෙවන් ක්‍රියාදාමයන් අතිශය පිලිකුල් නින්දිත ක්‍රියාකාරකම් ලෙසින් තමන් හඳුන්වන බවයි. ජනමාධ්‍ය ආයතනයන්ට තර්ජන, ගර්ජන කිරීම තරයේ හෙළා දකින බවත් එජාප නියෝජ්‍ය නායකයා පවසා සිටියා.