Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අතරමඟ නතර නොවී ආරක්ෂිතව ගමනක් යන්න - වාහන අලුත්වැඩියාවට කලින්  මේ ගැනත් හිතන්න..!

3634Views

මේ දවස්වල වෙනදට වඩා රටේ තොටේ හැම තැනකින්ම වගේ රිය අනතුරු වාර්තා වෙනවා. ඒ නිසා රථ වාහන ධාවනයේදී අපි ඒ පිළිබඳව ගොඩක් සැළකිළිමත් වෙන්න ඕන. ඒ වගේම රථ වාහන නඩත්තු කරන විටත් ඒ සඳහා යොදන අමතර කොටස් ගැනත් ඉතාමත්ම සැළකිළිමත් වෙන්න ඕන. මොකද අපි කොයිතරම් හොඳට රථ වාහන ධාවනය කළත් වාහනයේ හටගන්නා පුංචි දෝෂයකින් අපේ වටිනා ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්.

බොහෝ විට වාහන අළුත්වැඩියා කරන අවස්ථාවේදී ඒ සඳහා නිසා අවධානයක් නොදී නිවැරදි තාක්ෂණික දැනුමක් නොමැති අය විසින් සිදුකරන අළුත්වැඩියා කිරීම් වගේම වාහනයට හරියටම ගැලපෙන අමතර කොටස් නොයෙදීම හෝ සුළු ලාභයක් බලාපොරොත්තුවෙන් බාල වර්ගයේ අමතර කොටස් යෙදීම නිසා මෙවැනි ගැටළුකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.

මෙහිදී වාහනයේ අමතර කොටස් ගැන ඔබට හොඳ වැටහීමක් වගේම විශේෂ අවධානයකුත් තියෙන්න ඕන. මොකද ඔබගේ වාහනය අලුත්වැඩියා කරන අවස්ථා වලදී ඒ සඳහා යොදන අමතර කොටස් අනුව

 

  • සෑම විටකම වාහනය අළුත්වැඩියා කිරීමේදී නිෂ්පාදිත සමාගමේ බලයලත් සේවා ස්ථානයකින්ම සේවය ලබා ගැනීමට කටයුතු කරන්න.
  • වාහනයේ ආයු කාලය, ඉන්ධන කාර්යක්ෂමතාව වගේ ගොඩක් දේවල් ඔබ යොදන අමතර කොටස් වල ගුණාත්මක භාවය අනුව රඳා පවතිනවා. ඒ නිසා Spare Parts තෝර ගනිද්දි Genuine Spare Parts ම තෝරගන්න.
  • හැකි සෑම විටකම Spare Parts ලබාගැනීමේදී ඒ ගැන හොඳින් දන්නා කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගන්න.
  • වාහනයට Spare Parts  එකතු කිරීමේදී අදාල සමාගම විසින් ලබා දී ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කර එය Genuine Spare Parts බව තහවුරු කර ගන්න.

උදාහරණයක් ලෙස බජාජ් වාහන සඳහා Genuine Spare Parts ලබාදෙන DPMC ආයතනයේ අලි පැංචා ලාංඡනය සහිත ස්ටිකරය මඟින් සහ හොලොග්‍රෑම් ස්ටිකරයේ ඇති සූරන කොටස සූරා එහි ඇති අංකය 077-7665577 වෙත කෙටි පණිවිඩයක් (SMS) යවා එය Genuine Spare Parts බව තහවුරු කරගන්න පුළුවන්.

බජාජ් වාහන සඳහා නිරතුරුවම ඔබට වගකීමක් සහිතව ඔර්ජිනල්ම අමතර කොටස් ලබා දෙන්නේ ඩේවිට් පීරිස් මෝටර් සමාගමයි. Bajaj Genuine Spare Parts ඔබේ වාහනයට යොදා ගැනීම තුලින් සහ ආරක්ෂාකාරීව රිය ධාවනය තුළින් ඔබේ මෙන්ම වාහනයේ ආරක්ෂාවද තහවුරු වේ.කාලාන්තරයක් තිස්සේම පවතින නිසා යළි යළිත් අමතර කොටස් එකතු කිරීමට අවශ්‍ය වන්නේද නැත.ඒ තුලින් ඔබේ වටිනා මුදල්ද ඉතිරි වේ.

මේ වටිනා කරුණු ඔබට සිහි කලේ රථවාහන ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම වන DPMC විසිනුයි.

YOU MAY ALSO LIKE