Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෙල්මන්ට් නොදා ගිය වරදට හෙල්මන්ට් එකකින්ම ගහලා - පොලිස් නිළධාරියෙකුගේ හපන්කම නිසා තරුණයෙක් රෝහලේ..!

2472Views

හෙල්මන්ට්  නොමැතිව යතුරු පැදියක ගමන්කළ තරුණයෙකුට පුත්තලම ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු විසින් පහර දුන් බව කියන සිදුවීමක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා කතාබහට ලක්වෙමින් තිබෙනවා.

අදාල යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ආරක්ෂිත හිස් වැසුමක් දමා නොසිට ඇති අතර එහිදී පොලිස් නිළධාරියා විසින් හිස් වැසුමකින් එම තරුණයාගේ හිසට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පහරදීමෙන් අනතුරුව එම තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුලත් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.