Sunday, February 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"දිනන්න ඕනෑ නම් මෙහෙම කරන්න" ඕස්ට්‍රේලියාවේ තරග ජය ගන්න නායක චන්දිගෙන් කණ්ඩායමට විශේෂ ඉලක්කයක්!

3301Views

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවදානය ලක්ව තිබෙන බවට වාර්තා වෙනවා.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කළ පරිදි ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව සටනක් ලබාදීමට නම් තම පිතිකරුවන් පළමු ඉනිමේදී ලකුණු තුන්සියයේ සීමාව ලබාගත යුතු බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන දිනේෂ් චන්දිමාල් පවසන්නේ,
 
"අපි නවසීලන්තයේදී ක‍්‍රීඩා කළ ටෙස්ට් තරග දෙකේදී හොදින් ක‍්‍රීඩා කළා. එහිදී දෙවැනි ඉනිමේදී අපි ඉතාමත් හොදින් පිතිකරණයේ යෙදුණා. අපේ ක‍්‍රීඩකයන් මැදට ගිහිල්ලා එ් ඉගෙන ගත්ත දේවල් ක‍්‍රියාත්මක කළොත් අපිට හොඳ තරගයක් ලබා දිය හැකියි. විශේෂයෙන් පළමු ඉනිමේදී ලකුණු 300 සීමාව පන්නා යා යුතුමයි.’

"ඇත්තටම අපේ වේග පන්දු යවන්නන් ඉතාමත් හොඳයි. ඔවුන්ට හරියට පන්දු යවන්න පිතිකරුවන් ලකුණු 300 කට වඩා පළමු ඉනිමේදී ලබා දිය යුතුයි. ඉන්දියානු වේග පන්දු යවන්නන් ඉතාමත් හොදින් පන්දු යැවූ නිසා තමයි ඔවුන් තරගාවලිය දිනුවේ. ඇත්තටම ඉන්දියා පන්දු යවන්නන් ඉතාමත් හොදයි. අපිට අවශ්‍ය එවැනි දෙයක් කිරීම තමයි.’ 

‘‘ඇන්ජලෝ මැතිව්ස් නොමැති වීම අපිට පාඩුවක්. ඔහු අවසන් තරගාවලියේදී ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණියා. මේ අවස්ථාව අපේ නවක ක‍්‍රීඩකයන්ට හොද අභියෝගයක් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න."

යනුවෙනි.

YOU MAY ALSO LIKE