Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්ති නම්" තමන් සුදානම් බව ගෝඨා රටට කියූ හැටි!

1596Views

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව රටේ කතාබහක් ඇතිව තිබෙන්නේ බොහෝ කාලයක සිටය. හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙසින් රටට සිදු කළ සේවයත්, වියත් මග සංවිධාන හරහා රටේ උගතුන් සම්බන්ධ කර ගනිමින් සෑම ක්ෂේත්‍රයකම දේශීය මොඩලයන්ට ප්‍රතිපත්තීන් සහ වැඩ පිළිවෙලවල් සකස් කරමින් ඒවා ජනගත කිරීම එයට ප්‍රමුඛ හේතුවකි.

මේ අතර පසුගිය දිනෙක එවැනි වියත් සභාවක් ඇමතූ හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර එම අභියෝගයටද තමන් සුදානම් බවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයත් සමග සමාජජාලා මාධ්‍යයන්හි තරුණ තරුණියන් බොහෝ උද්යෝගීමත්ව සිටිනු දැක ගත හැකි විය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ එම ප්‍රකාශය පහතින්,