Sunday, February 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහ පාරේ සිටි තුවාල වූ සුනඛයෙක් රෝහල් ගත කරනා තුරු පැය හතක් බලා සිටි විදෙස් යුවළක්!

3449Views

මෙරට සංචාරයට පැමිණි නෙදර්ලන්ත ජාතික යුවළක් සිදු කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව වාර්තා වේ.

පසුගිය දින ගම්පහ දුම්රියපොළ අසල ගැවසෙන සුනඛයකු අනතුරකට ලක් වී කකුලක් කැඩී සිටින අයුරු ඒ අසලින් ගිය මෙම නෙදර්ලන්ත ජාතික යුවළ දැක තිබේ.

ඔවුන් එදින උදෑසන පෙ.ව. 9.30ට පිටත්වන නගරාන්තර සීග්‍රගාමී දුම්රියෙන් මහනුවර බලා යෑමට සිටි මගීන් දෙදෙනෙකි. ගමන මඳකට නතර කළ මෙම විදෙස් ජාතික යුවළ කඩිනමින් පශු වෛද්‍යවරයකු ගෙන්වා ගැනීමට උත්සාහ කළේ මේ සුනඛයා කෙරෙහි උපන් අනුකම්පාවෙනි. උදෑසන 9.00ට පමණ පශු වෛද්‍යවරයකුට පණිවුඩයක් යැව්වද හවස 4.00 වනතුරුත් පශු වෛද්‍යවරයා පැමිණියේ නැත.

පැය හතක පමණ කාලයක් මෙම සුනඛයාට ප්‍රතිකාර දීම සඳහා වෙහෙසුණු මෙම යුවළ පිළිබඳව මාධ්‍යවේදියකු ගම්පහ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්ඇල්ල මහතාට දැනුම් දුන් පසු පොලිස් ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන මහතා මැදිහත් වී සත්ත්ව රෝහලක පශු වෛද්‍යවරයකු ගෙන්වා ගනු ලැබීය.

පැය හතහමාරකට පසුව සුනඛයා සත්ත්ව රෝහලකට ගෙන ගිය පසු ප්‍රමාද වූ පසුවද මෙම විදෙස් යුවළ සතුටින් තම ගමන ආරම්භ කළ බව නෙත් ගොසිප් වෙත වාර්තා වේ.

YOU MAY ALSO LIKE