Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සංචාරයකට ආ ඕස්ට්‍රේලියානු යුවළ මෙරට දරුවන් ක්‍රිකට් පුහුණු වෙන හැටි දැක සංවේදී වෙයි...! නැවත මව් රටට ගිය ඔවුන්ගෙන් මෙරට දරුවන්ට තෑගි කන්දක්..! (PHOTOS)

7686Views

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඕස්ට්‍රේලියානු යුවළක් මෙරට දරුවන් ඉතා අඩු පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව පුහුණුවන ආකාර දැක ඔවුන්ට උදව් කළ ඉතා අගයකළ යුතු ක්‍රියාවක් නෙත් ගොසිප් වෙත වාර්තා වුනා. ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඕස්ට්‍රේලියාවේ වෙසෙන Aaron Dragwidge සහ ඔහුගේ බිරිඳ වන Kerry Dragwidge විසින් මෙම ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්  සපත්තු  1,403 ක්, ළමා ක්‍රිකට් කට්ටල 200 ක්, ආරක්ෂිත ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ඇතුළු බොහෝ දේ ලබා දීමට කටයුතු කර තිබුණා.

එම යුවළ ශ්‍රී ලංකාවේ හිටපු  දක්ෂ දඟ පන්දු ක්‍රීඩකයෙක් වන සුරන්ජිත් සිල්වාගේ ඉල්ලීමක් මත මොරටුවේ පවත්වාගෙන යන Cricket Live Foundation ආයතනයට පැමිණි අවස්ථාවේ මෙරට දරුවන් ඉතා අඩු පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වන ආකාරය දැක ඉතා සංවේදී  වී ඇති අතර නැවත ඕස්ට්‍රේලියාවට ගොස් ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් උපකාර කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබුනා.

ඒ අනුව සිය සංචාරය නිමා කර නැවත ඕස්ට්‍රේලියාවට ගිය එම  යුවළ මෙරට දරුවන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට කටයුතු කර තිබුනා. එහිදී Kerry Dragwidge සේවය කරනා පාසලේ දරුවන්ගේද සහය ලබා ගෙන ඇති අතර සිය සමාජ ජලා වෙබ් අඩවි මඟින් මිතුරන්ගේ සහය ඉල්ලා තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී Mount Waverley Secondary Collage පාසැල් සිසු දරුවන් ඇතුළු තවත් පාසැල් ගණනාවක සිසුදරුවන් , මෙල්බර්න් “ට්‍රයිකෝ” ආයතනයේ අධිපති යසන්ත ඩයස්, නවින් ආසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකගේ සහයද සහිතව අදාළ ක්‍රීඩා උපකරණ සහ සපත්තු මෙම කටයුතු සම්බන්ධ කරන ලද වර්නන් තිසේරා විසින් මෙරටට ගෙනවිත් තිබෙනවා.

ඒ අනුව අදාළ ක්‍රීඩා උපකරණ සහ පාවහන් මොරටුවේ Cricket Live Foundation,මොනරාගල ,බදුල්ල දික්වැල්ල වැනි අත දුෂ්කර පාසැල් දරුවන් ගණනාවකට ලබා දීමට කටයුතු කර තිබුණා.

ඉදිරියේදීත් ඔවුන් මෙර දරුවන් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ සහ සපත්තු ලබා දීමට තීරණය කර ඇති බවද වාර්තා වුනා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE