Wednesday, July 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝටි 700 ක දිමන්ති කොල්ලය පිටුපස අමල් සහ රයන් සිටින බවට පොලිසියට සැකයක් - ඩුබායි රට සමග දුරකතන සම්බන්ධතා පවත්වා ඇති බව වාර්තා වලින් හෙලිවේ..!

13950Views

මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපස පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පී රයන් රෝයන් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සිටින බවට පොලිසිය සැකකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ප්‍රකාශ කරනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත රයන් රෝයන් මිරිහාන විශේෂ අපරාධ ඒකකයට ගෙන්වා මීට සති තුනකට පමණ පෙර කට උත්තරයක් ලබාගෙන තිබෙනවා. ගායන ශිල්පී අමල් පෙරේරාටද කැඳවීමක් කර ඇති අතර ඔහු විදේශ ගතව සිටිනනිසා දිවයිනට පැමිණි පසු පොලිසියට පැමිණෙන බවට දැනුම්දී ඇති බවයි එම ඒකකයේ නිළධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ.

මේ අතර රයන් වැන් රෝයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු මාකඳුරේ මධුෂ් නමැත්තකු නොදන්නා බව ප්‍රකාශ කර ඇති අතර  ඔහුගේ දුරකථන සම්බන්ධතා විමර්ශන කළ වාර්තාවලට අනුව ඔහු ඩුබායි රට සමග දුරකතන සම්බන්ධතා පවත්වා ඇති බව හෙළිවී ඇති තිබෙනවා.

කෝටි 700 ක් වටිනා දියමන්තිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලදී විදේශිකයා මෙරටින් බැහැර ගොස් ඇති බවත් කෝටි 700 දියමන්තිය ඩුබායිහි වෙසෙන මාකඳුරේ මධුෂ් වෙත ලබාදී ඇති බවත් හෙළිකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.