Sunday, February 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිළ ඉහල දමද්දී IOC සමාගමේ ඉන්ධන මිලත් වෙනස් වෙයි..! සියළු විස්තර මෙන්න

2894Views

ඉන්ධන මිළ සූත්‍රයට අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද, ඩීසල් ලීටරයක් රු:4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:08 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.129ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.152ක් වනවා.

ඩිසල් ලීටරයක නවතම මිල වන්නේ රු. 103ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රු. 126ක් ලෙස සටහන් වනවා.

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ඩිසල් ලීටරයක මිල රු. 9.59 කින් වැඩි කළ යුතුව තිබුනත් ආණ්ඩුව විසින් මහජනතාවට සහ ප්‍රවාහන කේෂ්ත්‍රයට බලපෑමක් ඇති නොවන පරිදි ඩිසල් ලීටරයක් රු. 4 කින් පමණක් ඉහල දැමීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 

මේ අතර ලංකා IOC සමාගම ද ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ. මීට පෙර රුපියල් 99කට අලෙවි කළ ලංකා ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103ක් වනවා.

රුපියල් 118ක්ව පැවැති සුපර් ඞීසල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 126 ක්.

කෙසේවෙතත් ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මිල ගණන් ඉහළ නංවා නැහැ. ඒ අනුව IOC පෙට‍්‍රල් ලීටරයක මිල පෙර පරිදිම රුපියල් 131ක් වනු ඇති. එහෙත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 150ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155ක්.

YOU MAY ALSO LIKE