Sunday, February 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

14 හැවිරිදි තමන්ගේම දියණිය අඹුකමට ගත නරුම පියා - අධිකරණ නියෝගයට බයේ සොහොන් බිමකට ගොස් දැරියට අතවර කරලා

9367Views

මව විදේශගතවීමෙන් අනතුරුව තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු සම්බන්ධ පුවතක් උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම පියා විසින් වසරකට අධික කාලයක් පුරා නිවසේදී තම දියණිය ලිංගික අතවරයට ලක්කර ඇති අතර අදාල සිදුවීම මහව පොලිසිය වෙත වාර්තා වීමෙන් පසු මෙම පුද්ගලයාට නීතිය මඟින් කටයුතු කොට දැරිය අධිකරණය මඟින් පරිවාසගත කොට තිබෙනවා.

ඉන් අනතුරුව පරිවාසගත වූ මෙම පාසල් දැරිය ඇයගේ මිත්තණිය (පියාගේ මව) භාරයට ගෙන ඇති අතර පසුගියදා  ඇය මිත්තනියගේ නිවසේ සිටියදී ඇයගේ පියා පැමිණ මහව පුංචි අම්මලාගෙ නිවසට යෑම සඳහා පැමිනෙන ලෙසත්, එසේ නොපැමිනෙන්නේනම් තමන් සිය දිවි හානි කරගන්නා බවත් පවසා තිබෙනවා.

ඒ අනුව එම නිවසේ තිබූ යතුරුපැදියෙන් තම දියණිය රැගෙන මහව ප්‍රදේශයට ගොස් තිබෙනවා. තමන්ට එරෙහිව අධිකරණ නියෝගයක් පවතින නිසා ඔහුගේ නිවසට යෑමට බිය වූ මෙම පුද්ගලයා ගම්වාසීන්ට හොරෙන් එම ප්‍රදේශයේ සොහොන් බිමකට රැගෙන ගොස් තම දියණිය අතවරයට ලක්කර තිබෙනවා.

සිය පියා සමඟ යළි දියණිය පැමිණීමෙන් පසු මිත්තණිය එම දැරියද සමඟ වෙලම්බොඩ පොලිසිය වෙත ගොස් අදාල සිදුවීම ප්‍රකාශ කර තිබුනා. ඒ අනුව අදාළ පියා වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන් ලෙස ගම්පොල මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා විසින් වෙලම්බොඩ පොලිසිය වෙත නියෝග කර තිබෙනවා.

YOU MAY ALSO LIKE