Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මාස හතරක් එක බත් පත බෙදන් කෑවා..අමල් හඳුනනවට වඩා වැඩි කාලයක් මම මධූෂ්ව හඳුනනවා‘‘ - නීතීඥ උදුල් ප්‍රේමරත්න කියන කතාව මෙන්න

20119Views

තමා ඩුබායි රාජ්‍යයට පැමිණියේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් යමක් සිදුකළ හැකි නම් ඒ වෙනුවෙන් යමක් කිරීමට බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසනවා.

සිය ෆේස්බුක් ඔස්සේ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තමා මාකදුරේ මධූෂ්ව හඳුනන බවත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී මාස 4කට වැඩි කාලයක් ඔහු සමග ගතකර ඇති බව මෙහිදී සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු මෙසේද කියා තිබෙනවා..

මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න.එපමණයි.
ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ "ඔබට මධූශ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇබරෙන්නෙ නැහැ.උබ හොදටම දන්නව ඒක..

මට මධූශ් හමුවී තිබේ පමනක් නොව ඔහු සමග එකම අඩි 6,10 කාමරයක එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා.ඒ කොයි කාලෙද ,කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

ඇත්තටම ගත්තොත් අමල් අදුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොදටම පුලුවන්කම තිබුනා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න.නමුත් මම හිතනව එහෙම කල යුතු නැහැ කියලා.
මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කල යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.මම කරන්නෙත් නැහැ.උපරිම දඩුව්ම් දිය යුතුමයි.