Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මිනී මරා කෝටි ගණන් සල්ලි හොයපු පාතාලයේ ලොක්කා මදූෂ් එක්ක පාටි දැමූ පිරිස බේර ගන්න ඩුබායි ගිය නීතිඥයන්ට දැඩි අප්‍රසාදයක්! (PHOTOS)

12275Views

පාතාල නායක මාකඳුරේ මදූෂ් සමග පෞද්ගලික සාදයකට සහභාගී වී ඩුබායිහීදි අත්අඩංගුවට පත්වූ පිරිසක් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් මෙරට නීතිඥයන් පිරිසක් ඩුබායි වෙත ගිය පුවත ආන්දෝලනයට ලක්ව තිබේ.

මෙම නීතිඥයන් පිරිසට එරෙහිව සමාජජාලා මාධ්‍යයන්හි දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙම පිරිස වෙනුවෙන් පෙනීසිටිනා නීතිඥවරුන්ට සමාජජාලා ක්‍රියාකාරීකයන්ගේ අප්‍රසාදය එල්ල ව තිබුනේ ඔවුන්ගේ අපරාධයන්ට මෙම නීතිඥයන්ගෙන් එල්ල වන්නේ පිටුවහලක් වන බව කියාය.

පාතාල නායක මාකඳුරේ මදූෂ් සැලකෙන්නේ ඩුබායිහී සිට සුඛොපභෝගී ජීවිතයක් ගත කළ අපරාධකරුවෙකු ලෙසය. ඒ ඔහු මෙරට භීෂණය වපුරමින්, ඝාතන කරමින්, කප්පම් ලබා ගනිමින් සහ මත් කුඩු ව්‍යාපාරයෙන් උපයා ගත් කෝටි ගණනක මුදල් උපයෝගී කරගෙනය.

මාකඳුරේ මදූෂ් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණෙන නීතිඥයන්ට කෝටී ගණනක මුදල් ගෙවීමට සුදානම් බවටද මින්පෙර මාධ්‍ය වාර්තා පළ විය. මෙහිදී පාතාල නායකයාගේ පුද්ගලික සාදයට සහභාගී වූ ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රූයීන් කලක පටන් මාකඳුරේ මදූෂ් සමග අපරාධ වලට සම්බන්ධව සිටින බවත්, කෝටි 700 දියමන්ති මංකොල්ලයටද ඔවුන් දෙදෙනා සම්බන්ධ බවටද මාධ්‍ය වාර්තා පල වෙමින් පවතී.

කෙසේ වෙතත් පාතාල නායකයා සමග සාද පැවැත්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට මෙරටින් සහභාගී වී නීතිඥයන්ට එරෙහිව ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ පලව තිබූ අදහස් කිහිපයක් පහතින්,