Tuesday, March 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජීවිතය ජයගන්න සිහින දකින  කාන්තාවන්ට සුබ ආරංචියක්..!

5342Views

අපේ රටේ ආර්ථික සංවර්ධනයට නිහඬ සේවයක් කරමින් ජීවිතය ජය ගන්නට වෙර දරණ දිරිය කාන්තාවන් වෙනුවෙන්ම ලංකාවේ ජනප‍්‍රියතම මූල්‍ය ආයතනයක් ලෙස බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් NDB බැංකුව විසින් සුවිශේෂී සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. ජීවිතය ජයගන්න වෙර දරණ කාන්තා ඔබගේ ජීවන ගමනට සවියක් වීම අරමුණු කරගෙන ‘‘NDB අරලිය ‘‘ නමින් ඔබට තිළිණ වෙන මෙම සුවිශේෂී ඉතුරු කිරීම් ගිණුම, ගිණුමකට පමණක් සීමා නොවී විශේෂයෙන්ම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙන්ම ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය මූල්‍ය සේවා ඔස්සේ කාන්තාවන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම අපේක්ෂා කරගනිමින් තවත් සේවාවන් රැසක් සමඟ නිර්මාණය වූ සේවා සමුදායක් විදියට ඔබට සේවය සපයනවා.

කාන්තා ඔබ වෙනුවෙන්ම වෙන්වූ ඉතුරුම් ගිණුම් සහ ජංගම ගිණුම්

ඉතුරු කිරීමේ ගිණුම් ඕනෑ තරම් අද මූල්‍ය වෙළඳ පොළ තුල තිබෙනවා. හැබැයි මේ කියන්න යන්නෙ ඔබ ආයෝජනය කරන මුදලට ඉහලම වටිනාකමක් දෙන ‘‘NDB අරලිය ‘‘ගිණුමේ තියෙන විශේෂත්වය ගැන. ඉතුරු කිරීම කිවුවම අපිට තියෙන වැදගත්ම ප්‍රශ්නයක් තමයි අපිට ලැබෙන පොලිය කීයද කියන එක. ඉතිං ඔබ තෝරා ගන්නෙ ‘‘NDB අරලිය ‘‘ ඉතුරුම් ගිණුමක් නම් එකඟ වූ අවම මාසික තැන්පතුව සිදුකළ විට ලැබෙන සාමාන්‍ය පොලියෙන් 25% ක අමතර බෝනස් පොලියකුත් ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ ඉතුරු කරන මුදලට ඉහලම වටිනාකමක් ලැබෙනවා කියන එක සහතික කරලම කියන්න පුළුවන්. ඒ වගේම ඔබ විසින් අරඹන සෑම අරලිය ඉතිරි කිරීමේ ගිණුමකම මූලික තැන්පතුව රුපියල් 10,000 ක් හෝ ඊට වැඩිනම් ඔබට වටිනා ත්‍යාගයන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා

මීට අමතරව සෑම දරු උපතකදීම රුපියල් 25,000 ට වැඩි සාමාන්‍ය ගිණුම් ශේෂයක් ඇති ගිණුමක් සඳහාම රුපියල් 5000 ට නොඅඩු ආරම්භක තැන්පතුවක් සහිත ශිල්ප ළමා ඉතිරි කිරීමේ ගිණුමකුත් ඔබට ලැබීම අරලිය ඉතුරුම් ගිණුමේ විශේෂත්වයක්. ඒ වගේම ‘‘NDB අරලිය ‘‘ ජංගම ගිණුම හරහා  මිලියනයක් දක්වා වූ ව්‍යාපාරික ණය පහසුකම් ඔබට ලබා ගන්න පුළුවන් වගේම බැංකු අයිරාවක් ලෙස කාලීණ තැන්පතුවෙන් 95% ක් දක්වා ගැනීමේ හැකියාව, ගිණුම් අතර ස්වයංක්‍රීය මුදල් හුවමාරු කිරීව වගේ සේවාවන් රැසක් ඔබට ලබා ගන්න පුළුවන්.

ව්‍යාපාරික ණය සමඟ උපදේශන සේවා

අද කාලෙ ණයක් ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය වුනු ‘‘NDB අරලිය ‘‘ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රම තුලින් කිසිම කරදරයක් නැතුව ඔබට කැමති විදයට තමන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. සුවිශේෂී වූ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රම 03 ක් ම තියෙන නිසා තමන්ට වඩාත්ම ගැලපෙන ණය යෝජනා ක්‍රමය තෝරා ගෙන ඔබේ සාර්තකත්වය ලඟා කරගන්න ඔබට පුළුවන්.

‘‘NDB අරලිය‘‘ හරහා හඳුන්වා දෙන මෙම ව්‍යාපාරික ණය යෝජනා ක්‍රම 03 අතුරින් ‘‘Goods Loan‘‘ ණය ක්‍රමය මඟින් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මූලික උපකරණ හා ද්‍රව්‍ය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 10 ක් දක්වා ණය මුදලක් ලබාගැනීමේ පහසුකම ලැබෙනවා. ඒ වගේම  ‘‘Capex Loan‘‘ සහ ‘’Bil Loan’’  ලෙස තවත් ණය යෝජනා ක්‍රම දෙකක්ම ‘‘NDB අරලිය‘‘ තුලින් ඔබට ලබා ගන්න පුළුවන්.

 ‘‘NDB අරලිය‘‘ ගිණුමේ තියෙන විශේෂත්වයක් තමයි ඔබට ණය මුදලක් දීලා නිකන් ඉන්නෙ නෑ. ඒ ණය මුදල හරි විදියට ආයෝජනය කරලා තමන්ගෙ ව්‍යාපාරය ගොඩනගා ගන්නෙ කොහොමද කියන එක ගැන කියලා දෙන්නත් ‘‘NDB අරලිය‘‘ සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් සුවිශේෂී වූ උපදේශන සේවා රැසක් ඔබට ලබා දෙන්න ‘‘NDB අරලිය‘‘ කටයුතු කරලා තියෙනවා.

නොමිලේ හිමිවන රක්ෂණය සහ සෞඛ්‍ය ආවරණය

අපේ ජීවන ගමන තුල අපිට නොයෙකුත් විදියෙ අනපේක්ෂිත අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. හිතන්න පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන කාන්තා ඔබට අසනීපයක්,යම් අනතුරක් සිදු වුනොත් ඔබට විතරක් නෙමෙයි, ඔබේ පවුලටම ලොකු ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ වගේ වෙලාවට අපේ ආර්ථිකයට කිසිඳු බලපෑමක් නොවී පවුලේ සියළු දෙනා එක්ක සතුටින් ඉන්න රක්ෂණය කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතිං දැන් ඔබට අමතර මුදල් ආයෝජනයක් නොකර නොමිලේම ඒ වගේ වටිනා රක්ෂණාවරණයක් ලබා දෙන්න ‘‘NDB අරලිය‘‘ කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම රක්ෂණයට අමතරව ඔබේ ගිණුමේ ශේෂය පරිදි වටිනා රෝහල් ආවරණයකුත් ‘‘NDB අරලිය‘‘ වෙතින් මේ විදියට ඔබට ලබා දෙන්නෙ කාන්තා ඔබේ වටිනාකම NDB බැංකුව හොඳින්ම හඳුනන නිසා.

 

ඔබටම වෙන්වූ සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ් පතක්

අද කාලෙ අපි ගත කරන කාර්ය බහුල ජීවිතයත් එක්ක නම්‍යශීලිව අපගේ  මුදල් ගණු දෙණු කරන්න නැතිවම බැරි දෙයක් තමයි Credit Card කියලා කියන්නෙ. ඒ නිසාම මේ වෙද්දි අපේ රටේ බහුතරයක් දෙනා Credit Card පාවිච්චි කරන්න පුරුදුවෙලා ඉන්නවා. හැබැයි ඉතිං Credit Card එකක් තෝර ගනිද්දි වෙළඳ පොළේ වාසි වැඩිම Credit Card එකක් තෝරගන්න එක වැදගත් වෙනවා.

ඒ විදියට වාසි වැඩිම Credit Card එකක් තියෙනවද කියලා අහන කෙනෙකුට දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි ‘‘NDB අරලිය‘‘ Credit Card පත. මොකද කාන්තාවන්ටම සුවිශේෂී වූ මෙම කාඩ් පත් තුලින් වට්ටම් අවස්ථා රැසක් වගේම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පවා උදාකරලා දීලා තියෙනවා. ඒ වගේම දැනට පවතින ක්‍රෙඩිට් කාඩ් පතෙහි ශේෂය NDB ක්‍රෙඩිට් කාඩ් පතකට මාරු කිරීමේ හැකියාව ඔබට ලැබෙන තවත් පහසුවක්.

මීට අමතරව මුදල් අත්තිකාරම් සඳහා වාරික ක්‍රම, තාවකාලික මූල්‍ය සීමාවන් වැඩි කරගැනීමේ හැකියාව, නොමිලේ ස්ථාවර නියෝග, ව්‍යාපාරික ක්‍රෙඩිට් කාඩ් පතක් සහ ගාස්තු රහිත ඩෙබිඩ් කාඩ් පත් වගේ සේවා රැසක් ‘‘NDB අරලිය‘‘ තුලින් ඔබට ලැබෙනවා.

මීට අමතරව රැකියාවල නියුතු කාන්තාවන් සඳහා Salary Max ණය පහසුකම්,SMS සහ ඉලෙක්ට්‍රොනික ගිණුම් ප්‍රකාශ වගේ තවත් පහසුකම් රැසක් කාන්තා ඔබට ‘‘NDB අරලිය‘‘ ගිණුම හරහා ලබා ගන්න පුළුවන්. ඉතිං ජීවිතය ජයගන්න සිහින දකින කාන්තා ඔබ වෙනුවෙන්ම නිර්මාණය වුන ‘‘NDB අරලිය‘‘ සමඟ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සොයා යන්න අපි ඔබටත් ආරාධනා කරනවා.

0112 44 88 88 අංකයට කතා කරලා මේ ගැන තව දුරටත් විස්තර ලබා ගන්න ඔබට පුළුවන්.

 

 

 

YOU MAY ALSO LIKE