Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කැවුමාගේ නිවසින් හමුවූ මධූෂ්ගේ පියාගේ අවමගුලේ CD තැටියෙන් පතාල ලෝකය කැළෙඹෙන ලකුණු..!

14955Views

රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව - රාවතාවත්ත නිවසේ තිබී සොයා ගත් මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතු දර්ශන ඇතුළත් සී.ඩී. තැටියෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. 

මේ වන විටත් එහි දර්ශන අධ්‍යයනය කරමින් සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.

එමගින් අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පාතාල කල්ලි සාමාජිකයින් රැසක් දැනටමත් හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. 

ඊට අමතරව කවුරුන් විසින් මෙම අවමංගල්‍ය කටයුතු මෙහෙය වූයේ ද යන්න පිළිබදව ද මෙම දර්ශන ඔස්සේ අනාවරණ කර ගත හැකිවනු ඇතැයිද ඔවුන් සඳහන්කරනවා

මේ අතර මෙම සැකකරු නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු විසින් තවත් අනාවරණයක් සිදු කර තිබෙනවා.

මොහු අත්අඩංගුවට පත්වීමත් සමග මාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමෙන් පසු මොහු සිය නිවෙසේ නවාතැන් ගෙන සිටි බවට 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දුන් බවයි නිවෙසේ හිමිකරු පවසා ඇත්තේ.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය කි‍්‍රයාත්මක වී ඇති නමුත්, එම නිවෙසට පොලීසිය නොපැමිණි බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසු සැකකරුගෙන් කළ ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු නවාතැන් ගෙන සිටි නිවෙස වැටලීමට පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (11) කටයුතු කළා.  ඒ, මාකඳුරේ මදූෂ්ට අයත් නිවෙසක් මොරටුවේ පවතින බවට ලද තොරතුරකට අනුවයි. 

කැලූම් ඉන්දික සම්පත් නොහොත් ‘‘කැවුමා’’ මෙම නිවසේ පහත මාලය කුලියට ගෙන තිබෙනවා. ඒ සඳහා කුලි මුදල් ලබා දී ඇත්තේ මාකඳුරේ මදූෂ් විසින්. සැකකරු එහි හිමිකරුට රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ද ලබා දී තිබෙනවා. 

මෙම නිවසේ මාසික කුලිය රුපියල් 25,000ක් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම නිවෙස කුලියට ගෙන තිබෙනවා. 

මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතුවල දර්ශන ඇතළත් CD පටයක්, ජංගම දුරකතන 25ක්, සිම්පත් 129ක් සහ ජාතික හැඳුනුම්පත් 16ක්ද සැකකරු සතුව තිබී හමුවුණා.

ඊයේ එම නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් තොගයක් ද සොයා ගැනුණා.එමෙන්ම ටී 56 උණ්ඩ 3,000ක් සහ පිස්තෝලයක් ඇතුළු අපරාධ සඳහා යොදා ගැනෙන තවත් උපකරණ කිහිපයක් ද එම නිවසේ තිබී සොයා ගැනුණා. 

YOU MAY ALSO LIKE