Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වසර හතකට පසුව ලකුණක් රැස් කළ ඉසුරු උදානගෙන් මල් වෙඩි - පිතිකරුවන්ගේ අසාර්ථකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!

8365Views

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිවුවෙනි එක්දින තරගයෙන්ද පහසු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 4-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 ක් අවසානයේ ලකුණු 189 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් විය. එහිදී හුදෙකලා පිතිහරඹයක නිතර වූ ඉසුරු උදාන අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිස වේගවත් ලකුණු 78 ක් රැස් කිරීමට සමත් වුනා. එක්දින වරම් දිනා වසර හතකට පසුව සිය මංගල එක්දින ලකුණ ලබා ගත් උදාන, පන්දු පන්දු 57 කදී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් විය. ඉසුරු උදානගේ මංගල එක්දින අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඕවර 32.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය හඹා යෑමට අමත් විය. ඩේවිඩ් මිලර් සහ ජේ.පී. ඩුමිනි එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 46 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිවුවෙනි ජයද ලබා දීමට සමත් විය.

තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි කොක්, මෙම තරගයේදීද පන්දු 57 කින් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය. ඩි කොක් මෙම තරගාවලියේ පැවැති තරග හතරේදි ශතකයක් සහ අර්ධ ශතක තුනක් රැස් කිරීමට සමත් විය.
 

YOU MAY ALSO LIKE