Tuesday, March 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නරක් වූ කුකුල් මස් විකිණූ ආපනශාලාවේ ප්‍රධානියා ලිංගික අපචාරයකට විදේශයකින් සොයනා සැකකරුවෙක් - වීඩියෝවෙන් සියල්ල හෙළිවේ!

15815Views

කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් වැටලීම පසුගිය දින සමාජයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වැටලූ අතර එහිදි එම ආපනශාලාවේ ශීතකරණ වල තිබූ නරක් වූ ආහාර සොයා ගැනීමට හැකි විය.

මේ අතර මෙම වැටලීමත් සමග සමාජජාලා මාධ්‍ය උණුසුම් කරමින් තවත් අපූරු පුවතක් හුවමාරු වෙමින් තිබේ. එනම් මෙම ආපනශාලාවේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා ලිංගික අපචාරයක් සදහා වෙනත් රටකට අවශ්‍යව සිටිනා සැකකරුවෙකු බව හෙළිවීම නිසාය.

පසුගිය 2015 වසරේදි කැනඩාවේ Ottawa පොලීසිය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ එරටදී සිදුවූ ළමා ලිංගික අපහරණයක් සදහා ඇන්ටන් ඇන්ඩෘ නම් සැකකරු එරටට අවශ්‍යව තිබෙනා බවයි. මෙම වැටලීමේ දර්ශන අන්තර්ජාලයට නිකුත් වීමත් සමග සමාජජාලා ක්‍රියාකාරීන් මෙම අවන්හලේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයා කැනඩාවට අවශ්‍ය ඇන්ටන් ඇන්ඩෘ නම් සැකකරු බවට හඳුනාගෙන තිබුනා.

මෙම පුද්ගලයා කැනඩාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිය අපරාධ ඉතිහාසය සගවා මෙම අවන්හලේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස සේවය කර තිබෙන බව මේ වනවිට හෙළිව තිබේ. මෙම වැටලීමත් සමග ඔහු පිළිබඳවද අනාවරණය වීම විශේෂ සිදුවීමකි.

වැටලීමේ වීඩියෝ දර්ශන පහතින්,

 

 

කැනඩා පොලීසිය නිකුත් කළ ට්විටර් පණිවිඩය,

YOU MAY ALSO LIKE