Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලෝකයම කම්පා කරමින් 49 දෙනෙකුට ජීවිතය අහිමිවුන ත්‍රස්ත ප්‍රහාරය නිසා අයිෆල් කුලුණ අදුරු වුන හැටි (VIDEO)

4845Views

ලෝකයම කම්පා කරමින් පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවූ නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. නවසීලන්තයේ  ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන්  දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වි නොමැති බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාල සිදුවීමත් සමඟ නවසීලන්තයේ සියළුම මුස්ලිම් දේවස්ථාන මේ වන විට වසා දමා ඇති අතර ක්‍රයිස්ට්චර්ච් නුවර ඇතුළු ප්‍රදේශ රැසක ආරක්ෂාව තරකර තිබෙනවා. එසේම  ප්‍රහාරයෙන් මියගිය ඇතැම් පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළිකර ගැනිමට එරට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින අතර ඉන්දිය කොන්සියුලර් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ප්‍රහාරයෙන් පසු සිය පුරවැසියන් 9 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පා අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රැසක මෙන්ම මුස්ලිම් රටවල ඊයේ සහ අද දිනයේ විරෝධතා සංවිධානය කර තිබුණු අතර මියගිය හා තුවාල ලැබු පුද්ගලයින්ට ගරු කිරිමක් වශයෙන් ප්‍රංශයේ සුප්‍රකට "අයිෆල් කුලුනේ" විදුලි පහන් ඊයේ රාත්‍රියේ නිවා දැමීමටද කටයුතු කර තිබුනා.

YOU MAY ALSO LIKE