Tuesday, March 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අධ්‍යාපන ඇමති එක දිගට පැය දහයක් සභා ගැබේ ඉඳලා - අමාත්‍යවරයා සිදුකළ විරල ක්‍රියාව පැසසුමට ලක්වුනු හැටි

7487Views

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැණුනු ඊයේ (15) දිනයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උදෑසන 9.30 ට අය වැය විවාදය ආරම්භ වූ මොහොතේ සිට එය අවසන් වූ රාත්‍රී 07 දක්වාම පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් තම විෂය පථය සම්බන්ධයෙන් මතු වූ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා දෙමින් කටයුතු කළ ආකාරය පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ගේ සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ ප්‍රසාදයට පාත්‍ර වී තිබෙනවා.

අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් විවාදයට ගන්නා විට අදාල විෂයභාර අමාත්‍යවරයා දිනය පුරා පාර්ලිමේන්තුවේ සභාගර්භයේ රැඳී සිටීමේ අවස්ථා විරල වන අතර එසේ රැඳී සිටිය ද මතු වන සෑම ප්‍රශ්නයකටම නිවැරදිව  පිළිතුරු ලබාදීම අතිශයින් විරල කරුණක්. එවන් වටපිටාවක් තුළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දිනය පුරා සභා ගර්භයේ රැඳී සිටිමින් පිළිතුරු ලබා දෙමින් කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම අමාත්‍යවරයා එහිදී මතුවූ ගැටළු සියල්ලට පිළිතුරු ලබාදුන් අකාරය නිසා පාර්ලිමේන්තු සභාගැබේ කටයුතු ආවරණය කළ මාධ්‍යවේදීන්ටද ඉතා පහසුවෙන්  කරුණු වාර්තා කිරීමට අවශ්‍ය  ඉඩප්‍රස්තාව උදාවුනා.

YOU MAY ALSO LIKE