Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න සිංගප්පූරුවෙන් කිසි සහයක් නෑ..ජනපතිගෙන් දොස් මුරයක්

1351Views

මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැදිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අල්ලස් හා දූෂණ තුරන් කිරිමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්විමේ අවස්ථාවට අද (18දා) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ජනපතිවරයා සඳහන් කළේය.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට විවිධ අභියෝග හා ගැටලු වලට මුහුණදීමට සිදුවූ බවත්, අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය