Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

''දඩ පොත ඉවර වුනා නම් දඩ නොගහ ඉන්න'' පොලිසියට නීතිය කියා දෙන්න ගිය රියදුරෙකු සමඟ අැතිවූ උණුසුම් වාග් ප්‍රහාරය..! (VIDEO)

6165Views

අපේ රටේ රථ වාහන පොලිසිය සහ රියදුරන් අතර නිරන්තරයෙන්ම විවිධ ගැටුම් ඇති වනවා. විශේෂයෙන්ම පොලිස් නිළධාරීන් විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට යන අවස්ථාවලදී ඊට අභියෝග කරන අවස්ථා ඕනෑ තරම් අපට අසන්නට දකින්නට ලැබෙනවා. මේ වන විට ඇති දියුණු තාක්ෂණය නිසා එවැනි අවස්ථා සමාජගත වෙන්න ඒ තරම් වැඩි වෙලාවක් යන්නෙ නැහැ.

එවන් වූ අවස්ථාවක තවත් වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පුද්ගලයෙකු තමන්ට දඩ කොලයක් ලබා දෙන ලෙස පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් මුල් කරගනිමින් ඇති වූ කතා බහක්.

චෝදනාවට ලක්වූ රියදුරා පොලිසියෙන් දඩ කොළයක් ඉල්ලා සිටියද පොලිසිය ප්‍රකාශ කරන්නේ එම අවස්ථාවේ දඩ කොළ අවසන් වී ඇති බවත්, නව පොතක් රැගෙන එන ලෙස රැඳී සිටින ලෙසත්ය. කෙසේ නමුත් එය ප්‍රතික්ෂේප කරන රියදුරා එහිදී පොලිස් නිළධාරීන් සමඟ උණුසුම් කතාබහක නිරත වනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.