Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගේන්න බ්‍රිතාන්‍යයට අයිතියක් නෑ" ජීනිවා යෝජනාවට එරෙහිව විමල් කට අරියි!

920Views

මහා බි‍්‍රතාන්‍යයට ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනා ගෙන ඒමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරනවා.

1818 දී මෙරට වැසියන් දහස් ගණනින් ඝාතනය කළ මේ රාජ්‍යයට මානව හිමිකම් ගැන කතා කිරීමට කිසිසේත් නොහැකි බව වීරවංශ මන්ත්‍රීවරයා පෙන්ව්3ආ දෙනවා. එය ගණිකාවක් පතිවත ගැන දෙසුම් පැවැත්වීම හා සමාන බවද මන්ත්‍රීවරයා පවසනවා. 

ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත්ව ඇති නිසා බි‍්‍රතාන්‍යය ලංකාවට එරෙහි යෝජනා ගෙන එන බවත් මේ යෝජනාවලට අනුබල දෙන්නේ මෙරට ආණ්ඩුව බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.