Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වසර හතරකින් එක්දින තරග ක්‍රීඩා කර නොමැති දිමුත් ලෝක කුසලාන නායකයා කරන්න හතුරුගෙන් සැලසුමක්!

6178Views

එලඹෙන ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබා දීමේ සැලසුමක් පිළිබඳව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ආදි සිසු දිමුත් කරුණාරත්නට නායකත්වයද නිරෝෂන් දික්වැල්ලට උප නායකත්වය ලබා දීමට පුහුණුකරු චන්දික හතුරුසිංහද එකග වී තිබෙනා බව වාර්තා වේ. ඒ සදහා ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ආදි සිසු ජ්‍යේෂ්ඨ හිටපු නායකයෙක්, ශාන්ත ජෝශෆ් විද්‍යාලයේම ආදි ශිෂ්‍ය ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුලු පිරිසක් පුහුණුකාරීත්වයට යෝජනා කර තිබෙනා බව සදහන්.

මේ වනවිටත් දකුණු අප්‍රිකානු සංචාරයේ සීමිත ඕවර තරග නායකත්වය දරනා ලසිත් මාලිංග ඉවත් කළ යුතු බවට කණ්ඩායමේ මෙම ක්‍රීඩකයන් ඉල්ලා තිබෙන බවත් සදහන්.

වත්මන් නායක ලසිත් මාලිංග අතිවිශිෂ්ඨ නායකත්වයක් පෙන්වමින් පළමු විස්සයි විස්ස තරගය ක්‍රිඩා කළ අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය හිමි වූයේ නිරෝෂන් දික්වැල්ලගේ අතපසුවීමක් හේතුවෙනි.

දිමුත් කරුණාරත්න වසර හතරකින් එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති වීම විශේෂත්වයකි.

YOU MAY ALSO LIKE