Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විල්පත්තු විරෝධය මැද්දේ බදියුදීන් තවත් සවිමත් වේ- බදියුදීන්ට තවත් අමාත්‍යංශයක් හිමිවීමට දැඩි විරෝධයක්!

4537Views

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව තවත් අමාත්‍යධූරයක් හිමි වීම කතාබහට ලක්ව තිබේ. ඊයේ දින (20) නිකුත්වූ ගැසට් ප්‍රත්‍රයකින් මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන අමාත්‍යංශයද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ලබා දීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා  වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

කෙසේ වෙතත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට මෙලෙසින් නව අමාත්‍යංශයක් හිමිව තිබෙන්නේ විල්පත්තු වන සංහාරයට එරෙහිව දැඩි සමාජ කතාබහක් ඇතිව තිබෙනා අවස්තාවක වීම විශේෂත්වයකි. විල්පත්තු වන සංහාරයට චෝදනා එල්ල වී තිබෙන්නේද අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ය.

අද පාර්ලිමේන්තුවේදීද මේ බව කතාබහට ලක්වුනා. අයවැය තුන්වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 07 වන දිනය වන අද සභාව ඇමතූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන විෂයන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අයත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම සම්බන්ධයෙන් සභාවේදී ප‍්‍රශ්න කළා.

එහිදී "විශ්ව විද්‍යාල ටික කර්මාන්ත අමාත්‍යාංශයට පවරණ ලංකා ඉතිහාසයේ පළමු වතාව තමයි මේක" යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
 

YOU MAY ALSO LIKE