Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තීරණාත්මක දෙවන විස්සයි 20 තරඟය අදයි - සධීර ඇතුළට එද්දි දික්වැල්ලට කුමක් වෙයිද..? කණ්ඩායම් දෙකේම සිදුවන ප්‍රබල වෙනස්කම් මෙන්න

6009Views

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (22 ) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට සෙන්චූරියන්හිදී ආරම්භ වේ. 

පළමු තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා වෙනුවට සධීර සමරවික්‍රම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායට ඇතුළත් වීමට ඉඩ ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. දෙරට අතර පැවැති පළමු තරගය සුපිරි ඕවරයේදී ජයගත් දකුණු අප්‍රිකාව, මේ වන විට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ෆෆ් ඩුප්ලෙසි, ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තාහිර් දෙවැනි තරගයට සහභාගි නොවන අතර ඔවුන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. 

ඔවුන් වෙනුවට ඞ්වේන් ප්‍රිටෝරියස්, ක්‍රිස් මොරිස් සහ ලුතෝ සිපම්ලා දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා සිටින අතර ජේ.පී. ඩුමිනි මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටියි. 

YOU MAY ALSO LIKE