Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බිරිඳගේ පිහි පහරින් ව්‍යාපාරික සැමියා නොඑන ගමන් යයි..! දුර දිග ගැටුමේ අවසානය දරුවන් තිදෙනෙකුට පියෙකු අහිමි කරයි

7133Views

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේදී බිරිඳ විසින් සිය සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්වූ සැමියා  ප්‍රදේශයේ රෙදිපිලි අලෙවි කරන 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ (22) පස්වරුවේ මෙම බිරිඳ සහ ව්‍යාපාරිකයා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා ඇය මෙම පිහි ඇණුම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. 

අදාල ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය පොලීසියට සඳහන් කර තිබුණේ සැමියා තමන්ට පහරදීම හේතුවෙන් ඉන් මිදීමට මෙලෙස පිහියකින් පහරදුන් බවයි.

අත්අඩංගුවට ගත් බිරිඳ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර  කොට්ටාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

 

.

YOU MAY ALSO LIKE