Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

1000 කට අධික භට පිරිසක් සමග ඕස්ට්‍රේලියානු යුධ නැව් 4ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි...! (PHOTOS)

3326Views

ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාව පවත්වනු ලබන විශාලතම ආරක්ෂක අභ්‍යාසය සඳහා 1,000කට අධික ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජික පිරිසක් සමඟ නෞකා 04 ක් අද (23) දිවයිනට පැමිණියා. ඒ අනුව නෞකා දෙකක් කොළඹ වරායට සෙන්දු වූ අතර තවත් නෞකා දෙකක්  ත්‍රිකුණාමලය වරායට සේන්දු වුනා.

ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව අලුත් මට්ටමකට වර්ධනය කරමින් "ඉන්දු - පැසිෆික් එන්ඩේවර් 2019" වැඩසටහන යටතේ මෙම  ආරක්ෂක අභ්‍යාසය ක්‍රියාත්මක වනවා.

කොළඹ වරාය වෙත මුලින්ම පැමිණි HMAS කැන්බරා නෞකාව ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සතු විශාලතම ගුවන් යානා ප්‍රහාරක නෞකාව වන අතර එය හෙල්කොප්ටර් අංගනයකින් ද සමන්විත විශේෂිත නෞකාවක්. එසේම එම  නෞකාවට ආරක්ෂාව සපයමින් නිවුකාසල් නෞකාව කොළඹ වරාය වෙත පැමිණියා. එහිදී එම නෞකා පිළිගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්යවාදන කණ්ඩයම්වල ආචාරය යටතේ සිදුවුනා.

ඔවුන් එලැඹෙන 30දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ඊට පෙර ශ්‍රී ලංකාව සමග ආපදා සහයෝගීතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම් ඇතුළු අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් එක්ව කටයුතු කරනු ඇති බව මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ වැඩබලන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කර සිටියා.

YOU MAY ALSO LIKE