Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සුඛෝපභෝගී බස් රථය පෙරළී පුද්ගලයෙකු මිය ගොස් 25 ක් රෝහලේ - අත්අඩංගුවට ගත් රියදුරා බීමතින් ඉඳලා (PHOTOS)

7599Views

මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න අධිවේගී පිවිසුම ආසන්නයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් සිදුවුන අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අධික වේගයෙන් ගමන් කළ මෙම සුඛෝපභෝගී බස් රථය ඊයේ (23) පස්වරු 6 ට පමණ අධි බලැති විදුලි කණුවකද ගැටී නිවසක් මතට පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගිය පුද්ගලයා බස් රථයේ ගමන් කළ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ පිරිස අතර මාර්ගයේ ගමන් කළ මවක් සහ දියණියක් ද සිටින බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ පිරිස නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මීගමුව සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය මෙම  බස් රථය  විනෝද චාරිකාවක් ගිය පිරිසක් සමඟ නැවත මාතර දක්වා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා බීමත්ව සිට ඇති බව පොලිසිය හෙළිකරගෙන ඇති අතර ඔහු  වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.