Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොල් කඩන්න ගසට නැගි පුද්ගලයෙකු ගස මුදුනේදී මියයයි - දේහය පොල් අතු අතර රැඳීලා

4227Views

පොල් කැඞීම සඳහා පොල් ගස මුදුනට නැගි පුද්ගලයකු එහිදී හදිසියේ මියයෑමේ පුදුම සහගත සිදුවීමක් මරණ පරීක්‍ෂණයකදී හෙළිවිය. මියගොස් ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර, අංක 19, කෙයාර් නිවාස යන ලිපිනයේ පදිංචිව සිටි වීරප්පුලි කංකානම්ගේ සුගත් නමැති 46 හැවිරිදි අවිවාහක අයෙකි.

ගස මුදුනේදී හටගත් හදිසි හෘදයාබාධයකින් හෙතෙම මියගොස් ඇති අතර මෘත දේහය ගසේ පොල් අතු අතර රැඳී තිබුණි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය බස්නාහිර වලකඩ හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු ශාස්ත‍්‍රවේදී ඒ. වෙත්තසිංහ මහතා විසින් හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. ඩබ්ලිව්. ආර්. සංජය මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විය.

YOU MAY ALSO LIKE