Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අෂ්වින් බට්ලර්ව දවාගත් mankad දැවීයාම ක්‍රිකට් ලෝකයම උණුසුම් කළ හැටි මෙන්න (VIDEO)

3602Views

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කිංග්ස් XI පන්ජාබ්  කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේදී වූ සිදුවීමක් ක්‍රිකට් ලෝකයේම කතාබහට ලක්ව තිබේ.

ඒ කිංග්ස් XI පන්ජාබ්  කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අෂ්වින් කළ දවා ගැනීමක් නිසාවෙනි.

මෙ තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ කිංග්ස් XI පන්ජාබ්  කණ්ඩායමයි.ඔවුන් සිය පන්දුවාර 20 තුළදී ලකුණු 184ක් රැස් කළේය.හිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 47 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළේය.

අනතුරුව ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්හ.  කෙසේ වුවත් දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි රාජස්ථාන් පිතිකරු ජොස් බට්ලර්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ රවිචන්ද්‍රන් අෂ්වින් පන්දු යැවීමේ අන්තයේ කඩුල්ල බිඳ දැමීම හේතුවෙනි. ඒ වන විට බට්ලර් එම අන්තයේ සීමවෙන් ඉදිරියට පැන සිටිම හේතුවෙන් තෙවැනි විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සංඥා කළේය.

ක්‍රිකට් නීතිරිති අනුව අෂ්වින්ගේ මෙම ක්‍රියාව නීත්‍යානූකූල වුවවත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීය ගුණයට හානිකර බව ක්‍රීඩකයන් ඇතුළු බොහෝ දෙනා අදහස් දක්වා තිබෙනු දැකගන්නට හැකිවිය.

කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි.