Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ට්විටර් එකේ ප්‍රමෝට් කරන්නම්, ෆෝන් එකක් අරන් දෙන්න" ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අල්ලස් ගන්නා ක්‍රිකට් රචකයෙකුගේ ජවාරමක්!

4628Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ඉතා සමීප ඉංග්‍රීසි ක්‍රිකට් වෙබ් අඩවියක සංස්කාරකවරයෙකු සහ සමාජජාලා ක්‍රියාකාරිකයෙකු මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අල්ලස් ලබා ගැනීමේ මාෆියාවක් දියත් කර තිබෙනා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙරට ප්‍රසිද්ධ ක්‍රිකට් වෙබ් අඩවියක සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කරනා මෙම පුද්ගලයා ක්‍රිකින්ෆො වෙබ් අඩවියටද රචකයෙක් ලෙස සිය සේවය ලබා දේ. එම නිසාම මෙම පුද්ගලයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සමීප සබදතා පවති.. එම සබදතා අවභාවිතා කරමින් මොහු විසින් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අල්ලස් ලබා ගනිමින් සිටිනා බව වාර්තා වේ.

ඒ ට්විටර් සමාජජාලයේදි සහ සිය වෙබ් අඩවියන්හීදි මෙම ක්‍රීඩකයන් වර්ණනා කිරීමට සහ ඔසවා තැබීමටයි. වාර්තා වන අන්දමට ඇතැම් ක්‍රීඩකයන් පිරිසක් මෙම පුද්ගලයාට අල්ලස් ලබා දී තිබෙනා අතර, ඔහු අල්ලස් ඉල්ලූ තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. නවීන ජංගම දුරකථන, ලැප්ටොප් සහ කැමරා උපකරණ ආදී දේ මෙම පුද්ගලයා මෙලෙසින් ක්‍රීඩකයන්ගෙන් අල්ලස් වශයෙන් ඉල්ලා සිටින බව කියවේ. 

තමන්හට අල්ලස් ලබා දීම ප්‍රතික්ෂේප කරනා ක්‍රීඩකයන් ඉලක්ක කරමින් ට්විටර් සමාජජාලයේ මඩ ප්‍රහාර දියත් කරනා මෙම පුද්ගලයා හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ගැටලු හටගෙන තිබෙනා බවත් වාර්තා වේ.

එම නිසාම මෙම ක්‍රිකට් වෙබ් අඩවි රචකයා පිළිබඳ ක්‍රිකට් පාලනාධිකාරියට පැමිණිලි කිරීමට ක්‍රීඩකයන් සුදානම් වන බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.