Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අවුරුද්දට ෂොපින් කරන්න යන්න කලින් මේ දේවල් ගැන දැනගෙනම යන්න..! (PHOTOS)

8657Views

අපි හැමෝම කැමතියි ලස්සනට අඳින්න..පළඳින්න..ඒ වෙනුවෙන් අපි විවිධාකාරයේ විලාසිතාවන් තෝරගන්නවා.හැබැයි අපි තෝරගන්න සමහර විලාසිතාවන් අද කාලයට ඔබින විලාසිතාවන්ද කියලා ප්‍රශ්නයක් නැතුවාම නෙවෙයි.මොකද සමහර වෙලාවට අපේ වයසට,අපි කරන රැකියාවට,ඒ වගේම අපේ සමේ පැහැයට වගේ කාරණා එක්ක බලද්දී ඒ විලාසිතාවන් වල යම් නොගැලපීමක් තිබෙනවා.ඉතිං ඒ නිසා ලස්සනට අඳින්න කැමති තරුණියන්ට වගේම තරුණයින්ටත් වැදගත් වෙන විදිහේ කරුණු කිහිපයක් ගැන කියලා දෙන්න අපිට හිතුනා.

1.ඇඳුම ගන්න කලින් තැනට ගැලපෙයිද කියලා හිතන්න 

අපි ඔෆිස් එකට අඳින ඇඳුම ඇඳගෙන සාදයකට යන්නෙ නැහැනේ.ඒ වෙනුවෙන් වෙනම විලාසිතාවන් තිබෙනවා.ඒ වගේම තමයි ප්‍රිය සාදයකදී අඳින ඇඳුම ඔෆිස් එකට ගැලපෙන්නෙ නැති වෙන්න පුලූවන්.ඒ නිසා ඇඳුමක් මිලට අරගෙන පස්සේ ඒ ඇඳුම ඇඳගෙන යන්න  ඕන තැන ගැන හිතන්න එපා.මුලින්ම එය මිලට ගැනීමට පෙර එය අවශ්‍ය වන්නේ කුමන අරමුණකටද කියලා ඔබම තීරණය කල යුතුයි.බොහොමයක් දෙනාට මතුවන අනෙක් ප්‍රශ්නය තමයි ඒ විදිහේ විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදිහේ ඇඳුම් එකම තැනකදි ගන්න පුලූවන්ද කියන දේ.ඇත්තෙන්ම ඔවු..සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නා විදිහට ASB Fashions  වැනි ආයතනවලින් ඔබට අවශ්‍ය පරිදි  ඕනෑම වර්ගයේ ඇඳුමක් ගන්න පුලූවන්.

දිවයින පුරාම විසිරී ඇති ඔවුන්ගේ ශාඛාවන්හි කුඩා දරුවන්ට,පාසල් වියේ පසුවන දරුවන්ට,තරුණ තරුණයින්ට මෙන්ම  ඕනෑම වයස් කාණ්ඩයක අයට ගැලපෙන පරිදි වෙන වෙනම විලාසිතාවන් ප්‍රධර්ශනය කොට තිබෙනවා.නිවසට,කාර්යාලයට හෝ වෙනත්  ඕනෑම කටයුත්තක් වෙනුවෙන් ගැළපෙන ඇඳුම් එහිදී ඔබට තෝරාගත හැකියි. ඒ නිසා ඔබ කුමන ප්‍රදේශයක සිටියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

2. අතේ තියෙන ගානට ඔරොත්තු දෙයිද?

සමහර නිමි ඇඳුම් තියෙනවා,ඔබ කැමතිම වර්ණයෙන් සහ කැමතිම විලාසිතාවෙන් නිමවුන.නමුත් එහි මිල ඔබට ඔරොත්තු නොදෙන තරම් වෙනවා වන්නට පුලූවන්.මේ දේ ඔබට ප්‍රශ්නයක් නොවන්නට නම් ඔබ කළ යුතුව ඇත්තේ ෂොපිං කරන්න යන්නට පෙර ඔබේ අතේ ඇති මුදලට ගත යුතු දේවල් තීරණය කිරිමයි.සමහර වෙලාවට දකින දකින ඇඳුම මිලට ගන්නා අතර,ඔබට අවශ්‍යම දේ ඔබ මිලට නොගත් බව වැටහෙනුයේ නිවසට පැමිණි පසුවයි.ඔබ කුමන රැකියාවක් කරන කුමන තරාතිරමක කෙනෙකු වුවද ASB Fashions  වැනි ලංකාවේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් ආයතනයකට ගොඩ වදිනවානම් මිල කියන දේ ඔබට ගැටලූවක් වෙන එකක් නැහැ.

ඔබේ අතේ ඇති මුදලට ASB Fashions  ආයතනයෙන් විවිධ ආකාරයේ විලාසිතවන්ගෙන් නිමවුනු ඇඳුම් පහසු මිලකට ලබා ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.

3. ඇඳුම් විතරක් ගන්නද යන්නේ?

බොහෝ දෙනා ෂොපිං කරන්නේ ඇඳුම් ගන්න විතරක් නෙවෙයි.ලැබුන අවස්ථාවෙන් අවශ්‍ය කරන්නාවූ වෙනත් දේවල් ගන්නත් ඔවුන් උනන්දු වෙනවා.විශේෂයෙන්ම අපේ තරුණියන් ඇඳුම් පැළඳුම්,සුවඳ විලවුන් වර්ග වැනි දේ ඔවුන්ගේ ලේඛණයේ ඉහලින්ම තිබෙනවා.තරුණයින්ට කියා මේ දේවල්වල වෙනසක් නැහැ.ඔවුන්ට අවශ්‍ය කරන්නාවූ බෙල්ට් එක,කැප් එක,පර්ස් එකේ සිට කුඩා දරුවන්ට අවශ්‍ය සෙල්ලම් බඩු,තෑගි භාණ්ඩ,සුවඳ විලවුන් සහ විලාසිතා උපකරණ,බෙඞ් ෂීට්,තුවා ඇතුලූ විවිධ නිමවමු වර්ග,මල්,මල් පෝච්චි සහ සියලූම වර්ගයේ ගෘහ විදුලි උපකරණ වැනි දේවල් එක පාර ගන්න පුලූවන්නම් වෙලාව වගේම මුදලත් ඉතිරියි.මේ සියලූම දේවල් එකම තැනකින් ගන්න නම් ඔබ යා යුතු හොඳම තැන වන්නේ ASB Fashions  වෙතම තමයි.

ඔවුන්ගේ සෑම ශාඛාවකම ඔබට පහසුවෙන් තෝරාගත හැකිවන පරිදි විවිධාකාරයේ ඇඳුම් පැළඳුම් සෙල්ලම් බඩු,තෑගි භාණ්ඩ,සුවඳ විලවුන් සහ විලාසිතා උපකරණ සහ සියලූම වර්ගයේ ගෘහ විදුලි උපකරණ ආදී වෙනත් දෑ වර්ග කොට තිබෙනවා. දිවයින පුරාම ශාඛාවන් 20කට වඩා ඇති ASB Fashions   ආයතනයෙන් මීට අමතරව ඔබට තවත් සුවිශේෂි වාසි සහ වට්ටම් ලබා ගත හැකිවෙනවා.

අම්බලන්ගොඩ,බලංගොඩ,අනුරාධපුරය,පානදුර,මාතර,අම්පාර,ගාල්ල,මාලඹේ,කුලියාපිටිය,වරකාපොල,අකුරැස්ස,තංගල්ල, වත්තල, අලූත්ගම,මොණරාගල,මතුගම, කලූතර ,හලාවත සහ පානදුර Jajee  යන ප්රදේශවල ඔවුන්ගේ ශාඛාවන් පිහිටා තිබෙන අතර    071-90 57 0 57 දුරකථන අංකයෙන් ඔබට තවත් තොරතුරු දැනගත හැකිවෙනවා.