Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි නීති - දක්ෂතා අනුව වැටුප් ගෙවන නව ගිවිසුමටත් අත්සන් කරයි

5500Views

දක්ෂතා පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කරන නව ගිවිසුමට කි‍්‍රකට් කී‍්‍රඩකයන් අත්සන් තබා තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගත් මෙම තීරණයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු අකමැත්ත පළ කර තිබූ අතර අදාළ ගිවිසුමට අත්සන් තැබීමටද ඔවුන් කල්මරමින් සිටි බව අප මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් එම කී‍්‍රඩකයින් සියලූ දෙනා මේ වන විට අදාළ ගිවිසුමට අත්සන් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කරන අතර  කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට පනවා ඇති විනය නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර  ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් විදෙස් සංචාරවල නිරතවන අවස්ථාවන්වලදී තරගයට පෙර දින රාති‍්‍රයේ උත්සව අවස්ථාවන්ට සහභාගි වීමද සීමා කර තිබෙනවා.එවැනි අවස්ථාවල එම කී‍්‍රඩකයින් මත්පැන් පානය කිරීමට යොමුවන බැවින් මත්පැන් පානයද කී‍්‍රඩකයන්ට තහනම් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

එසේම යම් කිසි කී‍්‍රඩකයෙකු තරගාවලියක් අතරතුර මත්පැන් පානය කර ඇති බව තහවුරු වුවහොත්  ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමර්ග ගන්නා බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.