Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අපරික්ෂාකාරී ලෙස බස් රථයෙන් බැසීමට ගිය පුද්ගලයා බස් රථයට යටවුනු හැටි CCTV කැමරාවේ සටහන් වෙයි (VIDEO)

3381Views

මාතර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක පැමිණි පුද්ගලයෙකු වැලිගම බස් නැවතුම්පොල අසලදී  අපරීක්ෂාකාරී ලෙස බස් රථයෙන් බැසීමට උත්සාහ කිරීමේදී එම බස් රථයට යටවී තිබෙනවා.

අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර  බස් රථයකට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔහුගේ පාදයක් බස් රථයේ ඉදිරිපස රෝදයට යටවී ඇති බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් මේ සම්බනන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර බස් නැවතුම්පොළ අසල CCTV කැමරාවක මෙලෙස සටහන්වී තිබුණා.