Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පැළ සිටුවීමේ නැකත අද..! රටේ පරිසරයත්, මතු පරපුරත් වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

693Views

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද (15) පෙරවරු 11.17 ට යෙදී තිබෙනවා. තුන් පොකුරු යෝගය යෙදී ඇති මෙම සුභ මුහුර්ථය තුල සුදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් සඳහන් කරන්නේ.

සුභ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත්, පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රී ලංකේය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සිංහළ දෙමළ නැකැත් චාරිත්‍ර අතරට එකතු වුන මෙම චාරිත්‍රය රටේ මතු පරපුර වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමටද ලක්වී තිබෙනවා.

 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනෙකුත් නැකැත් චාරිත්‍ර අතර මෙවර හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 17 වැනි බදාදා දිනට යෙදී තිබෙනවා. එදින උදෑසන 7.40 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යෙතිෂ්‍යයේ සඳහන් වන්නේ.

ඉන් අනතුරුව අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා අලුයම 4.52කට අලුත් අවුරුද්දේ රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී තිබෙනවා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සදහා පිටත්වයාම සුභ බවයි නැකත් පත්‍රයේ සඳහන්ව තිබෙන්නේ.