Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

IS ත්‍රස්ත්‍රයින්ගෙන් ගිලිහුණු මෘදුකාංගයකින් මාරාන්තික ප්‍රහාර සැලසුම් රැසක තොරතුරු හෙළිවෙයි..!

7055Views

සිරියාවේ IS ත්‍රස්ත කඳවුරක සිටි ත්‍රස්ත්‍ර කණ්ඩයමකින් ගිලිහුණු මෘදුකාංගයක් තුළ තිබී මාරාන්තික ප්‍රහාර සැලසුම් කිහිපයක තොරතුරු හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  එම තොරතුරු වලට අනුව යුරෝපය සහ මැදපෙරදිග කලාපය පුරා මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව අනාවරණය කරගෙන ඇති අතර  සැළසුම් කළ මෙම ප්‍රහාර මාලාව පසුගිය  2015 නොවැම්බර් මාසයේදී පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ප්‍රහාර මාලාවට සමාන ලෙසින්  ක්‍රියාත්මක කිරීමට IS ත්‍රස්ත නායකයන් පියවර ගෙන ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජාත්‍යන්තර සෙබල කණ්ඩායම් ඇතුළු සිරියානු හමුදාව සිරියාවේ IS ත්‍රස්ත මූලස්ථානය විනාශ කළ පසු එම ත්‍රස්ත කණ්ඩායම ජාත්‍යන්තර ජාල ඔස්සේ සිට සාමාජිකයන් යුරෝපයට යවා තමන්ට අවශ්‍ය ආධාර ලබාගැනීම , බැංකු කොල්ලකෑම , පරිගණක වෙත අනවසරයෙන් ඇතුළුවීම සහ පුද්ගල ඝාතන සිදුකිරීමේ සැලසුම් ද අදාළ මෘදුකාංගය තුල තිබී සොයාගෙන තිබෙනවා.

අබු කබාබ් අල් මුහාජීර් නැමති IS ත්‍රස්ත සාමාජිකයෙකු විසින්  මෙම මෙහෙයවීම සිදුකර ඇති බවත්, ඔහු රුසියාව සහ ජර්මනියේ පිහිටි ත්‍රස්ත ජාල දෙකක් පාලනය කරන බවත් එම වාර්තාවල සඳහන් වනවා. එසේම සිය ප්‍රහාර සඳහා ඉලක්ක ඉතා සැලසුම්සහගතව තෝරාගන්නා බවත් ඒ වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්  හෙළිවී ඇති බව එම වාර්තාවන්හි දැක්වෙනවා.