Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝච්චියේ ලැප්ටොප් හොරා අල්ලන්න සරසවි සිසුන් දෙදෙනෙකු දියත් කල සුපිරි මෙහෙයුම..! සොරකම් කළ ලැප්ටොප් රැසක් සොයාගනී..! (PHOTOS)

3329Views

පොදු ප්‍රවාහන සේවා වලදි බොහෝ විට පුද්ගලයන්ගේ ගමන් මළු, මුදල් පසුම්බි සොරකම් කරන අවස්ථා පිළිබඳ අපට අසන්නට ලැබෙනවා. විෂේශයෙන්ම දුම්රිය තුල එවැනි සිදුවීම් බහුලව සිදුවනවා. සංවිධානාත්මක අයුරින් දුම්රිය මගීන්ගේ ගමන් මළු සොරකම් කරන පුද්ගලයෙකු ඉතා සූක්ෂමම අයුරින් කොටු කර ගැනීමට සරසවි සිසුන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. 

එම සරසවි සිසුන් දෙදෙනාගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහත බෑගයන් පසුගියදා යම් කිසි පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබූ අතර ඉතා සූක්ෂම මෙහෙයුමකින් එම පුද්ගලයා කොටු කර ගැනීමට හැකියාව ලැබී තිබුණා. එම විශ්ව විද්‍යාල සිසුන් කළ මෙහෙයුම ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුනා.

එදා සිකුරාදා දවසක් කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න මායි ඔසාමයි (බැජා) 10.56 ට කොලොඹ කෝච්චියකට නැග්ගා. හොදටම සෙනග අනික පුදුමයි මේ පළවෙනි පාරට මන් මගෙ බෑග් එක රැක් එහෙක දාන් නැතුව පාපුවරුවේ ඉදන් බිම කකුල් දෙක ලග තියන් යන්වා.. මොකද රැක් ඔක්කොම පිරිලා බෑග් වලින්. කොහොම උනත් අපි අවුලක් නැතුව සිංදුවකුත් අහන් ගියා.. ඉතින් මත් එක්ක නොදන්න මිනිහෙකුත් හිනා උනා.. මනුස්සකමට මත් හදවතින් හිනා වෙලා හිතුවා අහිංසක මනුස්සයෙක් කියලා.

Train එක බලන/ඉහල කොට්ටෙ හරියට ලං උනා. මට බෑග් එක ලග තියන් ඉන්න එක එපා උනා තියන්න රැක් එකක් හෙව්වා. මාත් එක්ක හිනා උනු මනුස්සයා මට රැක් එකක් පෙන්නුවා. එතන ඉඩ තිබ්බ හින්දා උස්සගෙන ගිහින් තිබ්බ නිකන් හරකා වගේ. තියලා මී හරකා වගෙ ආයෙමත්  foot Board එකට ආවා.. බෑග් එක ගැන කිසිම හැගීමක් තිබ්බෙ නෑ.කොහොම හරි ගම්පහට එනකන් ආතල් එකෙ අවා. ගම්පහ බහින්න බෑග් එක ගන්න ගියාම බෑග් එක පෙන්න නෑ ක්ෂනිකව මට අමුතු හෑගීමක් අවා රැක් හැමතැනම බැලුවා බෑග් එක නෑ.

මිනිස්සුන්ගෙන් ඇහුවා ඒගොල්ලො කිව්ව මනුස්සයෙක් අැවිත් එහෙම බෑග් එකක් අරන් කලබලෙන් බැහැලා ගිය කියලා. ඒත් ඒ මිනිස්සුන්ට මතක නෑ කොහෙදිද බැස්සෙ කියලා. පෙනුම කිව්වා උගෙ ඇදුම කිව්වා, ආපු පැත්ත බැහැලා ගියා පැත්ත කිව්වා. මම ඔකොම අහගෙන ගල් බිල්ලෙක් වගෙ උනා. train එකෙන් බහින්නම වෙන නිසා ගම්පහ නැවත්තපු ගමන් එතන තිබ්බ ජනේලෙන් PlatForm එකට පැන්නා.. දොර ලගට ගිහින් බහින්න මානසික තත්වයක් තිබ්බෙ නෑ.

මන් ඔසාමට කිව්වා විස්තරේ කොටුවට ගිහින් හොයන්න කිව්වා එයා කොචිචියේ හොයන්න ගත්තා. කොච්චිය කොලොඹට අැදුනා. මන් අැදන් හිටපු අදුම පිටින් හිස් අතින් ගම්පහ තනි උනා. දැන් ඉතින්. මට පොලීසියට යන්න පාර වත් මතක නෑ.සල්ලි ගැන හිතන් නැතුව ත්‍රීවිල් එකක් අරන් ගිහින් පොලීසියට ඇන්ට්‍රිය දැම්මා. එයාලා  කිව්වා හම්බුනොත් කියන්නම් කියලා..  දැන් මට මතක් වෙන්න ගත්තා හොරා කව්ද කියලා මිනිස්සු කියපුවා. 
ඔව් ඒ අර මත් එක්ක හිනා වෙලා බෑග් එක් තියන්න කියල පෙන්නපු මනුස්සයම තමා.. එත් ඌ කොහෙද බැස්සෙ. කිසිම දෙයක් දන්නෙ නෑ. එත් මූන මතකයි. 

හිත හිත ගෙදර ගියා lap එකෙ anty theif ඔන් කරා serial නම්බර් එකත් හොයලා පොලිසියට දුන්නා. අපෙ තත්තගෙ යලුවෙක් හිටියා.. මගේම මමා කෙනෙක් වගේ. ඒ uncle පොලිස්පතිගෙ හොදම යාලුවෙක්. අපි ගියා ගම්පහ OIC හම්බුනා කරන්න පුලුවන් උපරිම දේ එයා කරා මගෙ Lap Number එක VPN upload කරා.. තිබ්බ දත්ත වලින් සක්කරයට වත් හොරාව හොය ගන්න බෑ. ඉතින් OIC ටත් කරන්න දෙයක් නෑ.. මම කරේ post එකක් හදලා FB දාපු එක. 

යාලුවො හැමෝම share කරනවා දැක්කම සැන්සීමකුත් ලැබුනා . එත් ඉතින් එක කොල් එකක් වත් මට අවෙ නෑ lap එක ගැන. හොදටම sure බෑග් එක බලන් ඉදල හොරකම් කරලා. මන් කරන්නම දෙයක් නැති කමට ඒ හොරාව මගේ මූනටම හම්බෙන්න කියල දැඩි ලෙස ප්‍රර්ථනා කරලා අමාරුවෙන් හිනා වෙලා ඉන්න හිත හදා ගත්තා.ඔන්න ඉතින් සති දෙකක් ගෙවුනා.

-මෙතනින් පස්සෙ සාකියා කතාව-

*අැයි මේ කෝච්චිය යන්නැත්තේ? මේ කතාව මගෙම ලැප් එකෙන් ලියනව කියලයි හිතන් හිටියෙ එ්ත් එ්කට තව දවස් දෙකතුනක් යන නිසා ෆෝන් එකෙන්ම ලියනවා. සිද්දිය පටන් ගන්නෙ 2019.4.5 සිකුරාදා. මම කැම්පස් එකේ මේ වෙනකොට හිටියේ.මේ පාර අපේ ගමේ මෙගාබ්ලාස්ට් ගැහුවෙ.6 වෙනිදා. ඕක බලන්න යන්න ඕන උනා මට මොකද ඕක බලන්න ඉස්කෝලෙ යාලුවො ගොඩක් උන් එන නිසා. ඉතිං මම ගෙදර යන්න කියලා හිතාගෙන පේරාදෙණිය ස්ටේෂන් එකට අාවෙ තනියම නෙවෙයි අපේ බතයි පිලිහුඩුවයිත් හිටියා මාත් එක්ක.10.56ට පේරාදෙණියට ට්‍රේන් එක අැවික් නවත්තනකොටම අපි නැග්ගෙ සීට් එකක් අල්ලගන්න. එ්ත් සීට් හම්බුනේ නෑ.අපි තුන් දෙනාම හිටගෙන. මම මගේ බෑග් එක ගලවලා රැක් එකට දාලා එතනම හිටියා.බතයි පිලිහුඩුවයි හිටියෙ ෆුට් බෝඩ් එකේ.ටිකදුරක් යද්දි මං හිටපු තැනම සීට් එක මට හම්බුනාම මම එ්ක ඉදගත්තෙ බෑග් එක අතට ගන්නෙනැතිවයි මොකද ඔලුවට උඩින් තියෙන බෑග් එක අතටත් අාරං පරිස්සම් කරන්න වෙයි කියලා හිතුනෙනෑ.

මං විනාඩියෙන් විනාඩිය බෑග් එක දිහා බලනවා මොකද මීට සති දෙක තුනකට කලින් අපේ ඩොකාගේ බෑග් එකත් ට්‍රේන් එකේදි නැතිඋන නිසා බෑග් එක ගැනත් අවධානෙනුයි මං හිටයේ.මීරිගම(මට මතක හැටියට) පහුවෙනකොට මට පොඩ්ඩක් නින්ද ගියා. මං හිත හිත අාවෙම ඩොකාගෙ බෑග් එක ගැන හින්දමද කොහෙද මට මහා අමුතු හීනෙකුත් පෙනුනා. මගේ බෑග් එක මිනිහෙක් අරගෙන බහින්න යද්දි මං උෟව නතර කරගන්නවා මං හීනෙන් දැක්කා.බෑග් එක මාරුවෙලා ගත්තෙ, අනංමනං කියද්දි මං අැහුවෙ එහෙනං උඹේ බෑග් එක පෙන්නපං කියලා.උෟට බෑග් එකක් නෑ ඊට පස්සෙ එතන අය එ් මනුස්සයට ගහන්න යනවත් එක්කම මං අැහැරුනා.

මං අැහැරිලා කරපු මුල්ම දේ බෑග් එක තියෙනවද බලපු එක. එ්ක පිලිහුඩුවා දන්නවා මොකද උෟත් හිටියෙ ලග.දෙතුන්පාරක් රැක් එක දිහා බලපු මට හීනෙ බාගෙට හැබෑවෙලා කියලා තේරුනා.අපි තුන් දෙනාම බෑග් එක හෙව්වා. නෑ. එතන මිනිස්සු කිව්ව එතන හිටපු මනුස්සයෙක් බෑග් එක අරං වේයන්ගොඩින් බැස්සා කියලා.අපි ඊළග ස්ටේෂන් එක ගම්පහින්ම බැහැලා ඉක්මනටම වේයන්ගොඩ ගියා සටේෂන් එක චෙක් කරා බෑග් එක නැහැ. අමතක වෙලා කියලා දීලා ගිහින්ද බැලුවා එ්ත් නෑ. නන්නාදුනන ටවුන් එක එ් දැනුන අසරණකම කියන්න වචන නෑ. මං දන්න එකම දේ රැවුල තියෙන තද දම් අත්දිග අැදගත්ත මිනිහෙක් මගෙ ලැප්එක සහිත බෑග් එක අරං වේයන්ගොඩින් බැස්සා කියන එක විතරයි. මේ දත්තවලින් හොරෙක් අල්ලන්න බැරිබව දැන දැනත් මං වේයන්ගොඩට පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න.

පුතා දැන් මෙහෙමයි මේ කරුණුවලින් අපිට හොරා කවුද කියන එක හොයන්න බෑ.බැග් එක හම්බුනොත් ඔයාට දැනුම් දෙන්නම්.

කියලා මගේ විස්තරයි මගේ පැමිණිල්ලයි ගත්තා.පොලිසියෙ කතාවෙ ප්‍රායෝගික අැත්තක් තියෙනවා මේකෙන් මූව අල්ලන්නබෑ.චූටි බලාපොරොත්තුවක්වත් නැතිව මං ගෙදර අාව.මේ වෙද්දි ගෙදර යන්න අාපු මගේ යාලුවො දෙන්නත් මාර කට්ටක් කෑවා උන්ට එ්ක ගානක්වත්නෑ කියලා දැනගත්තෙ කොටුවෙදි මං බස්ටෑන්ඩ් එකට යද්දි බතා මගෙන් අහලා මගේ අතෙ සල්ලි 300/= කුත් දීපු එකෙන්. මොකද මගෙ සල්ලි ඉවරවෙලා ත්බුනෙ.බැංකු යන්න කම්මැලිකමට බතාගෙන් ඉල්ලගෙන තමයි ටිකට් අරං අාවෙ. හිස් අතින්ම ගෙදර අාපු මගෙන් අම්මා බෑග් එක ගැන අැහුවෙ ත්‍රීවිල් එකෙන් බහින්නත් කලිනුයි.සිද්දිය මං අඩ අඩම අම්මට කිව්වා.

හරි දැන් ගිය දේ ගියා.අපි තාත්තට මේක නොකිය ඉමු.පපුවෙ අමාරුව හැදෙයි මේවා දැනගත්තොත්න්. ඒ දවසම මං හිටියෙ කියාගන්න බැරි දුකකින්.ටික වෙලාවක් ගියාම මං ඩොකා දැම්ම වගේ ස්ටේටස් එකක් හදලා දැම්මා. හැමෝම කෝල් කරන්න ගත්තා. හැමෝම එ්ක ෂෙයා කරා අර තරම් දුක අස්සෙ හිතට පුංච් සතුටකුත් එ්ක දැක්කාම අාවා.

*දැන් තමයි වැඩේ පත්තු වෙන්නෙ*

ඩොකාගෙන් කෝල් එකක්

කියපං සාකියා මොකොද උනෙ
මොනව කියන්නද බං
සිද්දිය කියපං

පස්සෙ සාකියා සිද්දිය කිව්වා.

මූ මාර බල්ලෙක් බං ෆුට්බෝඩ් එකේදි පිලිහුඩුවා එක්ක කතා කරලත් තියෙනවලු බං.

මොනවද උෟ අහලා තියෙන්නෙ.
නිකං නෝමලි උෟත් එක්ක කතාවට සෙට් වෙලා බං ට්‍රේන් එක නවත්තලා තියෙද්දි

අැයි මේ කෝචිචිය නවත්තලා තියෙන්නෙ* කියලා අහලා.

ඕකා කතා කරලා ගේමක් දෙන එකෙක් මගේ එක උස්සපු එකාම තමයි ඕකා. ඕකා එකම කොච්චියේ ගේම දෙන්නේ අනිවාරෙන් ඕකව අල්ල ගන්න පුලුවන් මන් එන්නම් උබ එක්ක අපි මෙ පරයව අල්ලමු.

*කොහොමහරි මුව අල්ලගමු කියන තැනට අපි එදා අාවා.*

අපි ලැප් කේස් ටික ලිස්ට් කරා

8/3/2019 unknown
22/3/2019 ඩොකා
5/4/2019 සාකියා

මේවායෙ සමානකමක් අපි හොයාගත්තා එ් තමයි එකම ට්‍රේන් එකේ හැමදාම සිකුරාදට තමයි මූ රොබරිය දෙන්නෙ. අපි දැන් ටික ටික මේ හොරාට කිට්ටුවන බව අපිටම තේරුනා. ඩොකාගෙ ලැප් එක අරං බැස්සෙ කොහෙන්ද කියලා උෟ දන්නෙනෑ.සාකියගෙ කේස් එකේදි බැස්සේ වේයන්ගොඩින් කියලා හරියටම දන්න නිසා අපිට අපිට මේකේ වාසියක් තිබුනා.

ඊළගට සාකියට ඕන උනා වේයන්ගොඩ CCTV check කරන්න. සදුදාම ගියා වේයන්ගොඩට. අපි දෙන්නා දැන් ස්ටේෂන් එක ලග අවට cctv තියන කඩවල් මොනවද බැලුවා. එ් වැඩේ කිසි පිලිවෙලක් තිබුනෙනෑ.එ්ක හරිගියෙ නෑ.

මේ, මේවැඩේ හරියන්නෑ බං අපි මේ එ්රියා එකම පේන උස තැනකට ගිහින් බලමු.
යමං.

අපි වේයන්ගොඩ ස්ටේෂන් එකේ මගී හුවමාරු පාලමක ඉදං වටේ බැලුවා.

බලපන්කො යකෝ මූට රිංගල යන්න ඕනතරම් තැන් තියෙනවනේ

තැන් තිබුනට මමනම් හිතන්නෑ බං මූ එ්වා දන්නවා අැති කියලා මොකද මූ ලැප් එක අරං ලගම බහින එකයි කරන්නෙ. මූ මෙහෙ එකෙක් නෙවෙයි.

හරි එහෙනං බලහං ඉක්මනටම මෙතනින් ඩිස්මිස් වෙන්න පුලුවන් පාරවල්.

අපි ගනං කරා පාරවල් 8කින් ස්ටේෂන් එකෙන් එලියට යන්න පුලුවන්.

ඩොකා පොඩ්ඩක් හිටහන්කෝ කොල කෑල්ලක් අරං කටුවට අැදගමු.

එල.

ඩොකා ට්‍රේන් එක නවත්තන්නෙ 1-2 ප්ලැට්ෆෝම් එකේනම් මු ඉස්සරහින් ගියා වෙන්න බෑ..

අපේ පාරවල් 8න් 2ක් අයින් කරා.

සාකියා -අර කෙලවරේ පාරවල් තුන අපි දැක්කෙත් මෙතනට අාවට පස්සෙ. සාකියා එ් තුනත් කැපුවා.

දැන් අපිලග මූ යයි කියලා හෙන පාරවල් 3ක් තියෙනවා.

මේ තුනෙන් හොරෙක් යන්නෙ මොන පාරකින් වෙන්න අැතිද.

අපි නිකං ගෙස් කරලා තෝරගත්ත පාරක් අපි එ් එක චෙක් කරනවා කියලා හිතාගෙන පාලමෙන් බැස්සා

ෂොප් හතරක cctv අපි සිද්දිය කිව්වාම බලන්න ඉඩ දුන්නා. හැබැයි කඩවල් දෙකක එහෙම දෙන්නබෑ කිව්වා.පස්සේ අපි පොලිසියට ගිහිං සිද්දිය කිව්වාම එතන හිටපු හොද නිළධාරියෙක් පස්ස ගහන්නැතුවම අපිත් එක්ක අාවා. එක කඩේක අපි දැන් බලනවා. විනාඩි 45ක් එක දිගට බලන් හිටියා.සාකියා දැන් හොයන්නෙ අර හැඩහුරුකම් තියෙන උගෙ බෑග් එකත් අරං යන මිනිහෙක්ව. විනාඩි 45ක් මිනිස්සු එහා මෙහා යනව බලලා එ්කෙ නෑ කියලා තේරුම් ගත්ත අපි අනිත් ෂොප් එකට ගියා.එකෙත් විනාඩි 57ක් එක දිගට බලං හිටියා.

ඩොකා, දැන්නම් අැති නේද බං.

එ් වෙද්දිත් බලාපොරොත්තු අතැරලා තිබුනේ අපි විඩියෝ එක නවත්තන්න ඩොකා මවුස් එකට අත තියද්දිම සාකියා කෑගැහුවා නවත්තපං නවත්තපං කියලා.

ඉන්නවද.?
රිවයින්ඩ් කරපං

ඩොකා රිවයින්ඩ් කරනවා

දැන් තප්පර 0.5ට ප්ලේ කරපං.

හරි

නවත්තපං නවත්තපං නවත්තපං
හරිද
අඩෝ මේ මගෙ බෑග් එක බං.
(ඩොකා ස්නැප් එකක් එහෙම ගහලා) මූ තමයි.මේ බලු මූණමයි. මට මතකයි බං.

අපි හොරාගෙ පොටෝස් ටිකක් ගහගත්තා පොලිසියත් ගත්තා.

අපේ හිතට හොරා අැල්ලුව තරම්ම සතුටුයි.එදා දවසෙ අපේ රහස් පරික්ෂණ කටයුතු නිමා කරමින් අපි ගෙදර ගියා

ඩොකා පහුවදාම cctv footage බැකප් කරලා පෙන්වලට DVD වලට දාලා හොරාගෙ පොටෝස් ප්‍රින්ට්අවුට් අරං පොලිසියට දීලා තිබුණා. ඩොකා වේයන්ගොඩ කිට්ටුව හිටපු එක වාසියි.

දැන් හොරා ඉන්නෙ අපේ අතේ.දෙන්නම හෙනම සීන් එකේ.(අපි CCTV දර්ශන හොයාගත්තෙ 2019/4/8)

-මචං මේවා ගෘෘප්වල දාලා අපේ එවුන්ට පෙන්නමුද?

-පෙන්නමු දැන්ම නෙවයි

-මොකක්හරි පොඩි වැරැද්දක් අැති බං වැඩේ අවුල් යන්න. අපි දෙන්නම මේවා පබ්ලික් කරන්නෑ කියලා හිතාගත්තා. එ් අතරේ නිතර නිතර ට්‍රේන්වල යන එන අපි අදුනන අයට මේ පොටෝස් දීලා තිබුනා.

-ඩොකා සාකියට කෝල් කරා -

- මචන මන් අම්බනෙට රස්තයදු උනා පොලිසියට හොයන්න උවමනවක් නෑ බන් අපි මූව හොයා ගෙන යමු උබ වරෙන් මෙහෙට..

-මචං දැන් ලබන සතියෙ කැම්පස් අවුරුදු නිවාඩුව. මූ අලිවාරෙන් ඕකෙ එනවා.

-ඔව් එකනේ ගේම තියෙන්නෙ ඔතන උබ අදම වරෙන් මන් මෙ පෙරාදෙනි යන ගමන් සිකුරාද කොචියේ ගේමක් ගහමු

-පොලිසියට කිව්වට බං එයාලා අපි කියන විදියට වැඩ කරන්න කැමති නෑනේ.අපි හොරාව අල්ලලා ඊට පස්සෙයි පොලිසියෙ උදව් ගන්න වෙන්නෙ.

-ඔව් අපි යමං ඔය ට්‍රේන් එකේ.

-එලම. මූව අල්ලගමු.
-තව කොල්ලෙක්ට මේ දුක දෙන්න කලිං මූව අල්ලගන්න ඕන.

සදුදා ඉදන් බ්‍රහස්පතින්දා දවස් ටික සාකියාට එ් තරම් කාර්යබහුල උන්නෑ. හැබැයි ඩොකානම් පොලිසිගානෙ රස්තියාදු වෙලා තිබුනා