Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට ?

8399Views

2019 ලෝක කුසලානය උදෙසා නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ වත්මන් නායක ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරමිනි. පසුගියදා පැවැති පළාත් තරගාවලියේදී සම ශූරතාවය දිනූ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළාත් තරගාවලියේ සංවිධාන කටයුතු දුර්වල යැයි ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් ක්‍රිකට් පාලනාධිකාරිය මාලිංග සමග අමනාපයෙන් පසුවන බවද වාර්තා වනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව ජය ගත් 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේදීද දිනේෂ් චන්දිමාල් සමග නායකත්වය දැරුවා.

ලෝක කුසලානයේ නායකත්වය හිමි වීමට නියමිත විශේෂඥ ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වසර හතරකින් එක්දින තරගයක් ක්‍රීඩා කර නැත. ඔහුගේ එක්දින සාමාන්‍ය වන්නේ 15.83කි. පන්දුවට පහර දීමේ වේගය 68.84කි.

ලොව සෑම කණ්ඩායමක්ම එක් නායකයෙක් යටතේ ස්ථාවර වෙද්දී පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා නායකත්වය තරගාවලියෙන් තරගාවලියට වෙනස් වන සාධකයක් වූ අතර ඇන්ජලො මැතිවුස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ලසිත් මාලිංග මාරුවෙන් මාරුවට නායකත්වය හෙබවූවා. දිමුත් කරුණාරත්න මෙම ලයිස්තුවට එක්වන අලුත්ම නායක සමාජිකයා වීමට බොහෝ ඉඩ පවතී.

 

YOU MAY ALSO LIKE