Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දේශීය අල ගොවියා රැක ගන්න සංගා, හරීන් එක්වෙයි - තරු හෝටලයේදි විශාල අල පුඩිමක් සාදයි!

2115Views

නුවරඑලිය අර්තාපල් වගාව ලොව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිලියෙල කර පිලිගන්වනු ලැබුනි.

නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරිවරයා විසින් මෙම පුඩිම පිලියෙල කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

අර්තාපල් පුඩිම පිලියෙල කිරිම ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර සහ නුවරඑලිය මහනගර සභාවේ පුරපති චන්දනලාල් කරුණාරත්නගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිලියෙල කිරිමේ අවස්තාවට සහභාගි විය.

අර්තාපල් කිලෝ 15, එලගි තෙල් බෝතල් 2, සිනි කිලෝ 2.5, රාසින් කිලෝ 2, වියළි මිදි  කිලෝ 2, කජු කිලෝ  2, කරදමුංගු, කහ යොදා ගනිමින් කිලෝ 25ක අර්තාපල් පුඩිම පිලියෙල කරන ලදි.

මෙම අර්තාපල් පුඩිමට සමගාමීව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිලියෙල කරන ලද ආහාර ද්‍රව්‍යය ඇතුළු අතුරුපස වර්ග 100 ක  ප්‍රදර්ශ කුටියක්ද පැවැත්වු අතර එම ප්‍රදර්ශන කුටිය නැරඹිමට ආරාධිතයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද එක් වි සිටියහ.

මෙම අවස්තාවට සහභාගි වු අමාත්‍යය හරින් ප්‍රනාන්දු කියා සිටියේ දේශිය අර්තාපල් ගොවියා ප්‍රවර්ධන කිරිමටත්, දේශිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත්,අර්තාපල්වලින් මෙවැනි ආහාර ද්‍රව්‍යය සහ අතුරුපස පිලියෙල කර ප්‍රවර්ධනය කිරිම පැසසිය යුතු කරුණක් බවයි.

ඉකුත් වසරේද නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චෝකලට් කෙක් ආහාරයක් පිලියෙල කර ගිනස් වාර්තාවක්ද පිහිටවනු ලැබුනි.

අර්තාපල්වලින් පිලියෙල කරන ලද ආහාර වර්ග සහ අතුරුපස  ඇතුලත් ප්‍රදර්ශන කුටිය මේ මස 22 දින දක්වා නොමිලේ ප්‍රදර්ශනය කිරිමට ග්‍රැන්ඩ් හෝටලය කටයුතු කර ඇත.