Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මදූෂ්ගේ ඥාතී සොහොයුරා ඇතුලු තවත් හයක් ලංකාවට - අමල් පෙරේරා, මාකඳුරේ මදූෂ් තවමත් ඩුබායි භාරයේ!

1474Views

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරකු ඇතුළු පුද්ගලයන් හය දෙනකු කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (17 වැනිදා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

මාස දෙකකට අධික කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ මෙම සැකකරුවන් පිරිස පසුගියදා 16 වැනිදා එරටින් පිටුවහල් කර තිබේ.  ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක ගුවන් නියමුවන් භාරයේ රැගෙන ආ මෙම සැකකරුවන් හය දෙනා ඊයේ අලූයම 5.20 ට පමණ කටුනායක ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් වෙත භාරදී ඇත.

පසුව මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදී තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයන් වන දයාන් බුද්ධික පෙරේරා, රණසිංහ ආරච්චිගේ සුරේෂ් වසන්ත, මොහොමඞ් බදුරුදීන් මොහොමඞ් රියාස්, සයිමන් හේවගේ රූපදාස, මොහොමඞ් ජබීර්, මොහොමඞ් හිබ්‍රේ සහ තිලාන් රොමේෂ් යන අය සිටින බව පොලිසිය පවසයි.

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින උත්සවයට සහභාගි වෙමින් සිටියදී ඩුබායි පොලිසිය මඟින් පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අපේ‍්‍රල් මස 05 වැනිදායි. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඩුබායි පොලිසියේ රඳවාගෙන විමර්ශන පවත්වනු ලැබිණි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පාතාල නායක මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන් රෝවන් ඇතුළු තවත් පාතාල සාමාජිකයෝ පිරිසක් වූහ.

ඩුබායි පොලිසිය මේ වනවිට පුද්ගලයන් 25 දෙනකු පමණ මෙරටට පිටුවහල් කර ඇත.