Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පිස්සු බල්ලෙක් හපා කෑවාට අපි හපා කන්නේ නෑ" ගැටුම උග්‍ර වේ - ඇමතී රවීගෙන් තවත් ප්‍රහාරයක්!

2808Views

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවී කරුණානායක අතර ඇතිව තිබෙනා මතභේදය දේශපාලන කරළිය උණුසුම් කරවීමට සමත්ව තිබේ.

මෙම අර්බුධය තවත් උග්‍ර කරමින් අමාත්‍ය රවී කරුණානායක නැවතත් ප්‍රකාශයක් සිදු කර තිබේ.

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත්, පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් අමාත්‍ය රවී කරුණානායක පැවසූවා. එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.

කුමන තරාතිරමේ අයෙකුට වුවද දෙ‍්‍රා්හී වීමට ඉඩ නොතබන බවත් කුමන්ත්‍රණයක් සිදු කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

YOU MAY ALSO LIKE