Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මුහමාලේ බිම් බෝම්බයක් පිපිරේ - බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට තුවාලයි!

1732Views

කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීම නිසා තුවාල ලබා 17 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානූෂීය  කටයුතු වල නිරතව සිටින ජාත්යන්තර සංවිධානයක් යටතේ සේවය කරන උතුරේ කාන්තාවන් දෙදෙනෙකු මේ අන්දමට බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබේ. මෙම සංවිධානය අවුරුදු සමය වෙණුවෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත ඔවුන්ගේ සේවක සේවිකාවන්ට නිවාඩු ලබා දී යළිත් බිම්බෝමබ ඉඅවත් කිරීමේ කටයුතු ආරම්භ කළ දිනයේම සේවිකාවන් දෙදෙනෙකු බිම්බෝම්බයකට හසුව තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ ගුණේන්ද්‍රන් රේණුකා නැමති  25 හැවිරිදි එක් දරු මවක් හා එම්.මේකලා නැමති 26 හැවිරිදි කාන්තාවකි. මේ දෙදෙනා එක් ස්ථානයක බිම්බෝම්බ සෙවීම සදහා කැණීම් කටයුතු සිදු කරමින් සිටි අතර තුර පොළොව යට සැගවී තිබූ බිම්බෝම්බයක් හදිසියේම පුපුරා යාම නිසා ඔවුන් දෙදෙනාම තුවාල ලබා තිබේ.

ඒ අසල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත තවත් තරුණයින් පිරිසක් මේ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා අදාල සංවිධානයට අයත් ගිලන් රථයක්  මගින් යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ. බරපතල ලෙස තුවාල ලැබූ එම කාන්තාවන් දෙදෙනා මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.

බිම්බෝම්බයට හසුවීම නිසා ඔවුන්ගේ මුහුණු හා පපු ප්රදේශ වලට බරපතල ලෙස තුවාල සිදුව ඇතැයි යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කාර්ය බාර වෛද්ය නිලධාරීවරයා පැවසීය. මේ සිද්ධිය පිළිබදව පලෙයි පොලීසිය හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත ජාත්යන්තර සංවිධානය පරීක්ෂණ පවත්වා ගෙන යයි.