Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘චන්දිමාල් නැති එක ලොකු අඩුවක්..ක්‍රිකට් සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිලු සහගතයි‘ - අර්ජුන කට අරී

6187Views

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ  අද (19) පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් විමසූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

“පළමු වැනිව අපි මේ වෙලාවේ සංචිතය ගැන කතා කරනවාට වඩා තෝරා ගත් ළමයින්ට විශාල ශක්තියක් ලබා දිය යුතු වනවා. රටට ගෞරවයක් ගෙන එන්න ඔවුන්ට ශක්තිය සහ වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කළ යුතු වනවා. නමුත් දෙවැනුව ගැඹුරින් බලන විට මේ සංචිතය ගැන මට නම් සෑහීමකට පත් වෙන්න බැහැ. 

.....අපි ලෝක කුසලාන තරගාවලියකට යැවිය යුත්තේ ශක්තිමත් කණ්ඩායමක්. එහි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ද සිටිය යුතු වනවා. ඒ අතින් බැලූ විට මෙවර කණ්ඩායමට ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනකු ඇතුළත් නොමැති වීම ලොකු අඩුක්. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල්. චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ ඕවර් 50 ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයින් සිටිය යුතුයි. ඒ නිසා අපි එක එක්කෙනාගේ පෞද්ගලික රුචි අරුචිකම් මත කණ්ඩායමක් තේරිය යුතු නැහැ. එහෙම නොකළානම් මීට වඩා හොඳ කණ්ඩායමක් අපිට තෝරා ගන්න තිබුණා.

..... ක්‍රිකට් ගහපු නැති මිනිස්සුයි, ඔය ක්‍රීඩා සමාජවලට ටිකක් ක්‍රීඩා කරපු මිනිස්සුයි තමයි අද ක්‍රිකට් දුවන්න හදන්නේ. ඔවුන් හදනවා ක්‍රීඩයින්ට ක්‍රිකට් උගන්වන්න. විශේෂයෙන්ම පසුගිය දිනක ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හරහා ලසිත් මාලිංගට ක්‍රිකට් උගන්වන්න හැදුවා. ක්‍රිකට් සභාපතිවරයාට තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව කරන්න නෙමෙයි. ක්‍රීඩාවට අත ගහන්න නෙමෙයි. මේක අවාසනාවන්ත තත්ත්වයක්...

... දැන් කණ්ඩායම තෝරලා ඉවරයි. දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට එක් කිරීම බොහෝම අපහසුයි. ඒ සඳහා තියෙන්නේ සීමිත අවස්ථාවක්. ඒ නිසා දැන් තෝරා ගත් සංචිතය ලෝක කුසලානය සඳහා සූදානම් කිරීම වැදගත් වෙනවා. ඒ නිසා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම ක්‍රිකට් ගැන විතරක් හිතලා ඉදිරියට කටයුතු කරන්න ඕන. මනස එක අරමුණක තියා ගෙන ක්‍රීඩා කරන්න ඕන. එහෙම වුණොත් අපිට සෑහෙන දුරකට යන්න පුළුවන් යැයි සඳහන් කළේය.

YOU MAY ALSO LIKE