Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

11 හැවිරිදි බාල වයස්‌කාර දැරිය අඹුකමට ගත් නරුම බාප්පා - දැරියට ඇහුම්කම් නොදී මව විදේශගත වෙද්දී ගුරුවරුන්ගේ විමසිළිමත්කම නිසා සියල්ල හෙළිවේ..!

5225Views

11 හැවිරිදි බාල වයස්‌කාර දැරිය අඹුකමට ගත් නරුම බාප්පා කෙනකු ළමා හා කාන්තා කාර්යාංශයේ තොරතුරු මත බිංගිරිය වැල්ලරාව ප්‍රදේශයේදී බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  
2017 වසරේදී හෙට්‌ටිපොල පොලිස්‌ වසමට අයත් බරම්පොල ප්‍රදේශයේදී මෙහි මුල් සිදුවීම සිදුව ඇති අතර  මෙම දැරියගේ පියා ඇයගේ බාල සොහොයුරකු සමඟ මව ද අතහැර වෙන්ව ගොස්‌ තිබෙනවා. පසුව දැරියගේ මව  දරු දෙදෙනාත් සමඟ බරම්පොල - හංකොලේවත්ත ප්‍රදේශයේ කුකුළු කොටුවක වැඩ කරන පුද්ගලයකු සමඟ ජීවත් වී තිබෙනවා.එහිදී තම මව නොමැති අවස්‌ථාවලදී සැකකාර බාප්පා විසින් මෙම දැරියට අතවර කොට ඇති අතර දැරිය ඒ පිළිබඳව මවට දැනුම් දුන්න ද මව ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ. පසුව දැරියගේ මව විදේශගත වීමට අවශ්‍ය බව පවසමින් අනියම් සැමියාත්, දරු දෙදෙනාත් වැල්ලරාව ප්‍රදේශයේ දැරියගේ මිත්තණියගේ නිවසක නවත්වා මව විදේශගතව තිබෙනවා.

අනතුරුව දැරිය ඒ අසල පාසලක ඉගෙනුම ලබමින් සිටියදී  ඇයගේ හැසිරීමේ වෙනස්‌කම් නිරීක්ෂණය කළ ගුරුවරුන් ඒ පිළිබඳ කළ විමසීමකදී දැරිය සිය බාප්පාගෙන් සිදුවන අතවරයන් පිළිබඳ ගුරුවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ගුරුවරුන් විසින් ළමා හා කාන්තා කාර්යාංශයට එ් පිළිබඳ කළ දැනුම් දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අධිකරණයේ දැනුම් දීම මත දැරිය කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හෙට්‌ටිපොල පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පො. ප. ප්‍රදීප් දිසානායක මහතාගේ උපදෙස්‌ වැඩිදුර පරීක්‌ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.

YOU MAY ALSO LIKE